අපේ වැඩිහිටියෝ
- 2020-10-07 12:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“පුතේ, අර අහස මැද කහ පාටින් රවුමට ඉන්නෙ හඳමාමා. එයාගෙන් තමයි අපි කිරියි, පැණියි ඉල්ලන්නෙ. එතකොට අර හඳමාමා වටේ පුංචියට දිලිසි දිලිසි නිවි නිවී තියෙන්නෙ තරැ.*
මේ ආකාරයට පුංචි මල් කැකුළු වන් අපට ලෝකය පළමුවෙන්ම හඳුන්වා දෙන්නේ කවුරැන්ද ? ඒ තමයි අපේ අත්තම්මා.
“ඔන්න පුතේ රජ කාලේ හිටියා එක රජ කෙනෙකුයි, එයාගෙ දේවියයි. ඒ වගේම තමයි මෙයාලට ලස්සන දූ කුමාරියකාවකුත් හිටියා. මෙයාලා බොහොම සතුටින් තමයි හිටියෙ. එකෝමත් එක දවසක ....*
මෙලෙස අපට ඉතා රසවත් කතන්දර කියා දෙන්නේ අපේ සීයා. මොවුන් පොදුවේ ගත් කළ වැඩිහිටියන් නමින් හැඳින්වේ. මෙවන් නොයෙක් දේ පෙන්වා දී අපව කුඩා කළ සිට යහමගට ගැන්වීමට උත්සාහ දරන්නේ වැඩිහිටියන්ය. වැඩිහිටියන් යනු කවුරැන් දැයි අර්ථ දැක්වූ කළ අපට වඩා වයසින් වැඩි, ජීවන අත්දැකීම්වලින් පරිපූර්ණ වූ පුද්ගලයන් වැඩිහිටියන් ලෙස හැඳින්වේ. අප මෙලොව එළිය දුටු දා සිට හමුවන පළවෙනි වැඩිහිටියන් දෙදෙනා ලෙස අම්මා සහ තාත්තා ගත හැකිය. දෙවනුව අපට හමුවන වැඩිහිටියන් වන්නේ ගුරැවරැන්ය. ඔවුන්ගේ වටිනාකම කොතෙක් වීද යත් කවීන් විසින් ඉර, හඳ සහ තාරකාවලට ඔවුන්ව උපමා කරයි. ඒ අනුව ගත් කල ඉර නම් පියාය. සඳ නම් මවය. තාරකා ගුරැවරැන්ය.
අප කොතෙක් මහන්සි වී ඉතා හොඳින් ඉගෙන ගෙන සමාජයේ ඉතා උසස් තනතුරක නිලධාරියෙක් වුවද අපව ඒ තත්වයට ගෙන ඒමට දැඩි උත්සාහයක් ගත් අපගේ මාපියන්, ගුරැවරැන් ඇතුළු අනෙකුත් සියලුම වැඩිහිටියන් අමතක කළ හොත් එම රුකියාවෙන් පලක් නැති බව මගේ අදහසයි. පාසල් ළමුන් වශයෙන් අධ්‍යාපනය ලබන කාලයේ ඔවුන් අපට දඬුවම් කර ඇත. ඒ අප කෙරෙහි තරහක්, වෛරයක් ඔවුන්ගේ හදවතේ තබාගෙන නොව අපව වැරුද්දෙන් මුදවා කෙසේ හෝ යහපත් මගට ගැනීමේ අටියෙන් බව අප තරයේ සිත්හි තබා ගත යුතුය.
වැඩිහිටියන්ට ගරැ කිරීම, ඔවුන්ගේ ඔවදන් පිළිපැදීම, ඔවුන්ට අසනීප වූ විටක අවශ්‍ය සත්කාර කර ආදරයෙන් බලා ගැනීම අපගේ වගකීමක් කොට සලකා කළ යුතුය. අද සමාජයේ වැඩිහිටියන්ට ගෞරව නොකරන මිනිසුන් බොහෝමයකගේ මාපියන්ට වාසස්ථානය වී ඇත්තේ වැඩිහිටි නිවාසයි. එවන් මිනිසුන්ගෙන් මා මෙසේ විමසුව හොත්, “අපට අනාගතය පිළිබඳ දැනුමක් නොමැති අවස්ථාවල අප ඒවායින් මුදවාගෙන මේ තත්වයට පත් කළේ කවුද ?*
ඒ ගැන සිතා බලා අප වැඩිහිටියන්ට සැලකීම කළ යුතුම දෙයකි. ගුණගරැක මිනිසුන් අද සමාජයේ ජීවත් වූවා නම් වැඩිහිටි නිවාස බහුල නොවනු ඇති බව මගේ අදහසයි. මෙම වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ගේ දරැවන් බහුතරයක් සමාජයේ ඉහළ රුකියා කරන පුද්ගලයෝ වෙති. එය නොකළ යුතු දෙයකි. එවන් මිනිසුන්ට මේ විශ්වය කවදා හෝ පාඩමක් උගන්වනු නියතය.
මේ ආකාරයට ඔවුන්ගෙන් අපට ඉටු වූ සේවය ගැන හෝ සලකා වැඩිහිටියන් සුරුකිය යුතුය. රජය විසින් වැඩිහිටියන් සුරුකීම සඳහා සංවිධාන පිහිටුවා ඔවුන්ට යහපත ඉටුකරති. අපද එය අනුගමනය කළ යුතුය. නිතරම ඔවුන් ආදරයෙන් රුකබලා ගනිමින් ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකළ හොත් එම පුද්ගලයා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ළඟා වූ මනුෂ්‍යයෙකි. ඔවුන්ට සැමදා විශ්වයේ ආශිර්වාදය ලැබේ.
ආර්.එම්.අනුත්තරා අමන්දි රත්නායක,
10 වැනි ශ්‍රේණිය,
ව/ම/පොපි/මාඑළිය මහ විදුහල.
Reply To:
Name - Reply Comment
0 Comments