වැඩිහිටියන්ට සලකමු...
- 2020-09-30 16:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩිහිටියන් යනු අපට වඩා වයසින් අත්දැකීම් වලින් වැඩි අයයි.ඒ අයගේ ශක්තිය මත අද ලෝකය ගොඩනැගී ඇති බැවින් අපි ඒ අයට සැලකිය යුතු වෙමු.'වැඩිහිටියන් සලකමු' යන්නෙන් වැඩිහිටියන්ට නොසැලකීමක් ගැන කියවේ.ඇත්ත වශයෙන්ම සමාජය දෙස බලන විට මෙම කරුණ සතයක් සේ නොපෙනේ.නමුත් අපි වැඩිහිටියන්ට සලකමු. ඔවුන්ට අප සැලකිය යුතු වන්නේ කෙසේද? ඇවිදගන්නට වාරු නැතිව හැරමිට්ටක් ආධාරයෙන් පාරෙන් මාරු විමට නොහැකිව සිටින වැඩිහිටියකු අපට උදව් කළ හැකිය.කෑමට කිසිවක් නැතිව මගතොට දී අපට අතපාන කෙනකුට පිළිවන් ශක්තියෙන් අපට සරණ විය හැකි ය. බස් එකේදී වාඩිවි ගන්නට ආසනයක් නැතිව සිටගෙන යාමට නොහැකි කෙනෙකුට අපට ආසනය දිය හැ
කිය.
අපට කවා පොවා ඇතිදැඩි කර සාමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කරන දෙමාපියන්ට සැලකීමට අප අමතක නොකළ යුතුය. ඇතැම් අය තම දෙමාපියන් වයසට ගිය කළ නොසලකති. පුවත්පත් වලින් හා ජනමාධය තුලින් අපට ඒ පිළිබඳ තතු දැනගත හැකිය. අපට පිහිට වූදෙමාපියනට අප නැත්නම් සිටිනුයේ කවරෙක් ද? ගුරුවරුන් ද එබඳු ය.දෙමාපියන් හැරුණු විට හොඳ නරක කියා දී ශිල්ප ශාස්ත උගන්වා යහමඟ යාමට කියාදුන් ඔවුනට අප ණයගැති විය යුතු ය.මඟතොටේ දී හමුවූ විටෙක ඔවුන් සමඟ සුහදශිලිවීමට අප අමතක නොකල යුතුය.ලෙඩක් දුකක් කරදරයක් වූ අවස්ථාවක දී අප ඔවුන් බැලීමට යා යුතුය. බස් එකකදී දුටුවහොත් තමා වාඩිවී සිටින ආසනය දිය යුතුය. මෙම ගුණධර්ම අද සමාජයෙන් ගිලිහී ඇත. බෞද්ධාගමික රටක් වූ මේ ලංකාදිපයේ වැඩිහිටියන් නොසලකන්නා පිරිහෙන පුද්ගලයයෙකු සේ මේ ගණන් ගැනේ.එබඳු පුද්ගලයාට සමාජයේ තැනක් නැත. එම නිසාම මෙම ගුණ ධර්ම ලංකාවේ පිරිහී නොයනු ඇත. මෙය අප රැක ගතයුතු සාරධර්මයකි.වැඩිහිටියන්ට සැලකීම නිසි පරිදි කෙරේ නම්,අනාථ නිවාස ඉදිනොවනු ඇත.සෑම දරුවෙකුම තමන්ගේ යුතුකම් නිසි පරිදි සම්පූර්ණ ඉටුකරයි නම්,වැඩිහිටියන්ට මෙළොව සුරපුරක් බඳුය.
අද බෝහෝ වැඩිහිටියන් ගෙවනුයේ අසහනකාරී ජීවිතයකි.එහෙත් ඔවුන් එවැනි තත්වයකට පත්කළ යුතු නැත.මන්ද රටත්,ජාතියත් දියුණු වී ඇත්තේ වැඩිහිටියන් නිසාය.ලොව තැනීමට ඔවුන් දායක වී ඇත.ඔවුන්ගේ ශමයත්,ශක්තියත් තුළින් බිහි වු ලෝකය මත ඔවුන්ට සතුටින් ගත කිරීමට නොහැකි නම් ඇති ඵලය කුමක්ද?වැඩිහිටියන් යනු ජාතික වස්තුවකි.අප ඔවුන් රැක ගත යුතුය.
ඩබ්ලිව් .ඒ.ඩී.දනුශිකා කෞෂානි සෝමරත්න,
9 ශ්‍රේණීය - A,
කූ/ශි/නිශ්ශංක ජාතික පාසල,
ඉදුල්ගොඩකන්ද,
කුරුණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments