ඇත්දළ කැටයම් කලාව

2021 මාර්තු මස 03 පෙ.ව. 04:25 - {{hitsCtrl.values.hits}}  

ලංකාවට ඇත්දළ කර්මාන්තය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. පුරාතන ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ උසස් තාක්ෂණික ඥානය පළිබිඹු කරන නිර්මාණ විශේෂයක් ලෙස ඇත්දළ කැටයම් කර්මාන්තය හැඳින්විය හැකිය. මෙය අතිශය සියුම් කලාවකි. ඇත්දළ නිර්මාණකරණය පිළිබඳවත් ඇත්දළ කර්මාන්තයෙහි යෙදුණු රජවරැන් පිළිබඳවත් මහාවංශය වැනි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් ය. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම ඇත් දළ කැටයම් ශිල්පය පැවත ආවද දැනට ඉතිරිව තිබෙන බොහෝ ඇත් දළ නිර්මාණ අයත් වන්නේ මහනුවර යුගයටයි. මෙසමයෙහි ඇත්දළින් කරන ලද නිර්මාණ ඉතා ආකර්ෂණීය වේ. 
නිර්මාණ රුසක්
බුදු පිළිම, ඇත් දළ, පනා, පනේල, හුරමිටි, තරාදි, වෛද්‍ය උපකරණ, ආභරණ මංජුසා, වටාපත් මිටි, දොරඋළුවහු කොටස් ,හෙප්පු ආදී නෙයෙකුත් නිර්මාණ ඇත් දළ නිර්මාණ අතර වෙයි. අනුරාධපුර යුගයේ රජ කළ ජෙට්ඨතිස්ස මහ රජතුමා මෙම කර්මාන්තයට බෙහෙවින් අතහිත දුන් පාලකයෙකි. රජතුමාද ඇත් දළ කර්මාන්තයේ නිපුණතාවක් දැක් වූ අයෙකු ලෙස සඳහන් වෙයි. ක්‍රි. පූ 2 වැනි සියවසේ දී ලෝවාමහාපායේ මණ්ඩපයක ඇත්දළ වලින් කළ සිංහාසනයක් හා විජිනිපතක් තැන්පත් කළ බව මහා වංශයේ සඳහන් වෙයි.   
කදිම කර්මාන්තයක්
ඇත්දළයක් යනු ඝන ද්‍රවයකි. එයින් නිර්මාණයක් කිරීම එතරම් පහසු දෙයක් නොවේ. එනමුත් ඒ සියලු අභියෝග පරදවා ලාංකේය කලා කරැවාගේ කලා නිර්මාණ හැකියාවත්, තාක්ෂණයත් යන දෙකම භාවිතයට ගත් තවත් කදිම කර්මාන්තයක් ලෙස ඇත්දළ කලාව හැඳින්විය හැකිය. 

උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග
ස්තූතිය - කොළඹ ජාතික කෞතුකාගාරය.

දින පොත