Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මුරගල

  • 2018-12-05 15:29:50
  • 0 Comments

පඩිපෙළ අයිනෙන් සවි කළ ලී පුවරැව පහළට ලිස්සා ඒම වැළැක්වීම සඳහා මුල් කාලයේ කූඤ්ඤයක් යෙදී ය. කාලයක් ගත වීමත් සමග මෙම කූඤ්ඤය  ක්‍රමයෙන් විසිතුරැ දොරටුපාල රෑ වලින් යුත් නිර්මාණයක් බවට පත් විය. අද අප විසින් මුරගල යනුවෙන් හඳුන්වනු ලබන නිර්මාණය බිහි වූයේ එසේය. 

පුන්කළස
ප්‍රථමයෙන් කැටයම් රහිත පුවරැවක් ලෙසින් ආරම්භ වූ මුරගලට මුලින්ම එක් වූ කැටයම පුන්කළසයි. පුන්කළස් සහිත මුරගල් අදටත් ලක්දිව ඇතැම් ප්‍රදේශවලින් හමු වී ඇත. උදාහරණ ලෙස වෙල්ගම්වෙහෙරෙන් හමු වූ මුරගල, අනුරාධපුර තොලුවිල ග්‍රාමයෙන් හමු වූ මුරගල හා මිහින්තලේ කළුදිය පොකුණෙන් හමු වූ මුරගල් දැක්විය හැකිය.    
බහිරව රෑප
පුන්කළස් යෙදූ මුරගල්වලින් පසු බහිරව රෑප යෙදූ මුරගල්  නිර්මාණය විය. සංඛනිධි හා පද්මනිධි වශයෙන් බහිරව රෑප දෙකකි. සංඛයන්ගේ හිස මත හක්ගෙඩියකි. පද්මයන්ගේ හිස මත පද්මයකි. ධනයට අධිපති කුවේරයන්ගේ රුකවල්කරැවෝ දෙදෙනාය. මේ අතරිනුත් සංඛනිධි බහිරව රෑප වැඩි වශයෙන් හමුවී ඇත. බහිරව රෑපයෙන් සංකේතවත් වන්නේ භූමියේ ආරක්ෂාවයි. හමු වී ඇති බහිරව රෑප යෙදූ මුරගල්වලට උදාහරණ වශයෙන් අනුරාධපුර විජයබා රාජ මාලිගයේ, ථූපාරාමයේ, මිහින්තලේ රාජගිරිලෙන කන්දේ හා තොළුවිල ග්‍රාමයේ තිබෙන මුරගල් දැක්විය හැකිය.
නාග රෑප 
මුරගල විකාශනයේ ඊළඟ අවධිය වන්නේ නාග රෑප සහිත මුරගල්ය. තිස්සමහාරාමයේ යටාල වෙහෙරින්, දකුණේ රැහුණු මහා විහාරයෙන් හා තිරියායෙන් මේ ආකාරයේ මුරගල් හමු වී ඇත. නාග රෑප සහිත මුරගල් වැව් වල බිසෝ කොටු අසලද දක්නට ලැබේ. නාගරෑපයෙන් නිධාන ආරක්ෂාව හා ජලය සංකේතවත් වන බව මින් අදහස් කරයි. 
නාගරාජ රෑපය
මුරගල විකාශනයේ අවසන් පියවර මෙයයි. නාගරාජ මුරගල තිවංක ඉරියව්වෙන් යුක්තය. රාජ කුමාරරයකු මෙන් සර්වාභරණයෙන් සරසා ඇත. නා පෙන සහිත හිස්වැස්මක් පැලඳි නාරජ එක් අතකින් පුන්කළසක්ද, අනෙක් අතින් වල්විදුනාවක්ද දරයි. පාදය අසල වාමන රැවකි. මුරගලෙහි පසෙකින් මූර්තිමත් කර ඇති කුලුනක් මත ඇත් රැවක් ‍හෝ ගව රැවක් දැකිය හැකිය. 
හොඳම මුරගල
අනුරාධපුරයෙන් හමු වූ හොඳම මුරගල වන්නේ රත්නප්‍රාසාදය ඉදිරිපිට  මුරගලයි. මහමෙවුනා උයනේ ථූපාරාමය අසලින් හමු වූ මුරගලද කලාත්මක අතින් විශිෂ්ට වූවකි. මෙම මුරගලේ ඉහළ කොටසේ දක්නට ලැබෙන තොරණක හැඩය වෙනත් මුරගල්වල දක්නට නොලැබෙන අපූරැ නිර්මාණයකි. 
පොළොන්නරැවෙන් හමු වන නිර්මාණාත්මක අතින් උසස් මුරගල් ඇත්තේ වටදාගෙහිය. ඒ අතරිනුත් වටදාගෙයි උතුරැ දොරටුවේ මුරගල විශිෂ්ටය.

දෙමටමල් විහාරයේ මුරගල
දෙමටමල් විහාරයේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට දැකිය හැකි මුරගල ඉතා විශේෂය. මෙම මුරගලේ ඇති විශේෂත්වය වන්නේ නාග පෙණ සහිත රෑපයක් සමඟ ඊට දකුණු පසින් කාන්තා රෑපයක්‌ කැටයම් කර තිබීමයි. නාග පෙණ සහිත රෑපයේ උරහිසට ආසන්නයේ එම රෑපය දක්‌වා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.