රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ - 2018 සීමිත අංශය - සිංහල මාධ්‍ය හොඳම ළමා නළුවා - සිතුම් ආකර්ශ හොඳම ළමා න
- 2018-10-23 14:33:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. එහිදී සීමිත අංශය යටතේ සිංහල මාධ්‍යයෙන් හොඳම නිළියට හිමි සම්මානය සතුටු වෙන්න එන්න යාළුවේ නාට්‍යයේ සිල්වියාගේ චරිතය නිරෑපණය කළ ඊ.ටීනා ටෂානි සිල්වා සිසුවියත්, හොඳම ළමා නළුවා ලෙස සපුමල්ගේ ලෝකය නාට්‍යයේ සපුමල්ගේ චරිතය නිරෑපණය කළ පී.එස්.සිතුම් ආකර්ශ රාජසිංහ ශිෂ්‍යයාත් සම්මානයට පාත්‍ර වූහ. මුහුද අපේ ගොඩබිමයි ළමා නාට්‍යයේ රඟපෑ කේ.පී.නිතාශා සදෙව්මිණි සිංහල මාධ්‍යයේ සීමිත අංශයෙන් හොඳම ළමා නිළිය වශයෙන් ජූරියේ විශේෂ සම්මානයට පාත්‍රවූවාය.
සිංහල මාධ්‍යයේ සීමිත අංශයේ හොඳම තිරපිටපතට හිමි සම්මානය සෙල්ලමක්ද මාත් එක්ක ළමා නාට්‍යය රචනා කළ සුභාෂණ කුරැගල මහතාට හිමි වූ අතර වසරේ හොඳම ළමා නාට්‍යය ලෙස නෙල්සන් කන්නන්ගර මහතා අධ්‍යක්ෂණය කළ සතුටු වෙන්න එන්න යාළුවේ ළමා නාට්‍යට හිමිවිය.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අනුෂා ගෝකුළ ප‍්‍රනාන්දු, ශ‍්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැටී‍්‍රක් රත්නායක, කලාගුරැ සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්වරැ, පාසල්වල ළමා නාට්‍යශිල්පීහු, ඇතුළු පිරිසකගේ සහභාගි වූහ.
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
ඡායාරෑප - ඉෂාන් සංජීව
Reply To:
Name - Reply Comment
0 Comments