Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ගැල් රුකියාව අපේ පැරණි වෘත්තියකි. ගැල් රුකියාවේ දී ගැල්කරැවාගේ ජීවිතය ඉතා දුක්බර ය. ඔහු ගැලෙහි බඩු පටවාගෙන දවස් ගණන්, සති ගණන් තම නිවසින් දුරස් වී ගෙවන ජීවිතය තනිකම පාළුව තුළින් ගෙවෙයි. ගැල්කරැවා ගැල බැඳි හරකාට දරැවකුට මෙන් සලකයි. හරකා බර අදින විට දරන වෙහෙස පිළිබඳව ඔහු දුක්වෙයි. ඒ බව ගැල්කවි තුළින් හොඳින් පැහැදිලි වේ. 
    අතීතයේ අද මෙන් බඩු ප්‍රවාහනය කිරීමට ලොරි තිබුණේ නැත. එම නිසා රට පුරා බඩු රුගෙන ගියේ කරත්තවල යි. රට මැදට යන විට දින කීපයක් අම්බලම්වල නතර වෙයි. එම නිසා ගැල්කරැවා නිවසින් බැහැරව ගෙවන ජීවිතය දුක්බර ය. ඔහු කුසගින්නේ සිටින අවස්ථා ද ඇත. ඔහුට පාළුව, තනිකම, විඩාව, මහන්සිය දැනෙන විට නිරායාසයෙන් ම ජනකවියකින් ඔහුගේ දුක පවසයි. මේ අනුව ගැල් රුකියාවේ යෙදෙන්නෝ කියන කවි ගැල් කවි ලෙස හැඳින්වේ.
ගැල්කරැවා බොහෝ විට ගමන් කරන්නේ රාත්‍රිකාලයේ ය. දවල්ට හිරැ එළියෙන් දැවෙන විඩාව නිසා දවල් ගමන අපහසු ය. ඒ බව ජනකවිවල දැක්වේ. සඳපානේ අවට පරිසරය විඳිමින් ඔහු තම දුක්බර දිවිය ගෙවයි. අපේ බුදුරජාණන් වහන්සේ ද එක් ආත්මයක ගැල් නායකයකු ලෙස කටයුතු කළ බව සිංහල ජාතක පොතෙහි සඳහන් වේ. 


තාරකා දෙනෙත්මි
7 ශ්‍රේණිය,
අම්/ඩී.එස්.සේනානායක ජාතික පාසල, අම්පාර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.