සාරධර්ම අගයමු

2021 මාර්තු මස 03 පෙ.ව. 04:26 - {{hitsCtrl.values.hits}}  

සාරධර්ම වශයෙන් හඳුන්වන්නේ හොඳ පුරැදුවලටයි. සාරධර්ම අප කාටත් වැදගත් වන දෙයකි. යහපත් පුරවැසියකු වශයෙන් ජීවත්වීම සඳහා සාරධර්ම ඉවහල් වේ. 
ලොකු කුඩා වයස් භේදයකින් තොරව අපි කවුරැත් සාරධර්ම පිළිපැදිය යුතු වෙමු. බොරැ නොකීම, හොඳ වැඩ කිරීම, සතුන්ට හිංසා නොකිරීම, වැඩිහිටියන්ට ගරැ කිරීම, අලස නොවීම, අසරණයන්හට උදවු කිරීම, සොරකම් නොකිරීම වැනි හොඳ පුරැදු සාරධර්මවලට නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.
සෑම ආගමකම සාරධර්ම පිළිබඳව සඳහන් වේ. බුදු දහමට අනුව පංචශීලයෙහි සාරධර්ම වර්ග 5ක් සඳහන් වී තිබේ. ඒ වගේම කුරානය, බයිබලය, ත්‍රිපිටකය යන ග්‍රන්ථවල සාරධර්ම පිළිබඳ සඳහන් වී ඇත.
අප කවුරැත් සාරධර්ම පිළිපැදීමෙන් අනුන්ට කරදරයක් හිංසාවක් නොමැතිව ජීවත් විය යුතුයි. එවිට ශාක සිවුපාවන්ට ද නිදහසේ ජීවත්වීමට හැකි වේ.
අප තුළ සාරධර්ම නොවූ විට අප කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුවද එයින් පලක් නැත. සාරධර්ම අප කාටත් පොදු දෙයකි. අප කවුරැත් සාරධර්ම පිළිපැදිය යුතු වන්නේ අප ගැන පමණක් සිතා නොව අනාගත පරපුර උදෙසා ය.

එම්.එන්. ඊ. රිනා
6 ශ්‍රේණිය,
බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් කොලේජ්. පොල්ගහවෙල.  

දින පොත