ඓතිහාසික තන්තිරිමලේ

2021 මාර්තු මස 04 පෙ.ව. 12:18 - {{hitsCtrl.values.hits}}  

තන්තිරිමලේ ඓතිහාසික පුද බිම අයත් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. අනුරාධපුර සිට විලච්චිය පාරේ කි.මි18 පැමිණ එතැනින් දකුණු පසට ඇති තන්තිරිමලය පාරේ තවත් කි.මි18 ගිය විට ඓතිහාසික තන්තිරිමලේ පුදබිම හමුවේ.
ජනප්‍රවාද
තන්තිරිමලයට නම හැදුණු ආකාරය පිළිබඳ පවත්නා ජනප්‍රවාද රුසකි. ඒ අතරින්  සාලිය අශෝකමාලා පුවත විශේෂත්වයක් ගනී. සැඩොල් කුමරියක වූ අශෝකමාලාවන්ට මනාප වූ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරැ රජ වාසලට නොදන්වා ඇය හා කාලය ගත කළේ ය. පසු කාලයේ දුටුගැමුණු  රජතුමා දෙදෙනා රජ මාලිගයට කැඳවා එතෙක් තිබූ විරසකය අමතක කර  අශෝක මාලාවන්ට වටිනා රන් මාලයක් තෑගි කළේය. තන්තිරි නමින් හැඳින්වූ සමනලුන් වර්ගයක හැඩයට මෙම මාලය සාදා තිබුණි. එම මාලය මෙම ගල් තලාවේ නිධන් කර ඇති නිසා තන්තිරිමාලය පසුව තන්තිරිමලය ලෙසට ව්‍යවහාර වී ඇත.

අෂ්ටඵල බෝධීන් වහන්සේ
ක්‍රි. පූ. 3 සියවසේ පමණ සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රුගෙන මෙරටට වැඩම කළා ය. බෝධි ශාඛාව හරසරින් පිළිගත් දේවානම් පියතිස්ස රජු තිවක්ක බමුණුගම ඔස්සේ පෙරහරින් අනුරාධපුරයට බෝධීන් වහන්සේ වැඩමවාගෙන ඇත. මේ අතරතුර දී තන්තිරිමලයේ එක් රාත්‍රියක් ගත කර ඇත. තිවක්ක නම් මේ ප්‍රධානියා මෙම පිරිස ගෞරවයෙන් පිළිගෙන සිය ප්‍රදේශයේ උසම ස්ථානයේ බෝධි ශාඛාව තැන්පත් කර රාත්‍රිය පුරාම ආරක්ෂාව සැලසුවේ ය. 
පසුදින ජයශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වැඩමවා මහමෙවුනා උයනේ රෝපණය කෙරිණ. එහිදී  බෝධියෙන් හටගත්  අංකුර අටෙන් එක් බෝධියක්  තිවක්ක බමුණුගම්  ප්‍රධානියාට ලැබිණි.ඔහු එය පෙර දින බෝධීන් වහන්සේ වැඩ සිටි ගල් තලාව මත පවුරක් සාදා ඒමත රෝපණය කරවීය. අදටත් දක්නට ඇත්තේ එම අෂ්ටඵල රැහ බෝධීන් වහන්සේ යි.

 

සිතුවම්

රේඛා මගින් කරන ලද සත්ව රෑප හා මිනිස් රෑප කිහිපයක රෑ සටහන් ගුහාවේ දැකිය හැකිය. ඇතැම් සත්ව රෑප වර්ණ කර ඇත. සුදු, අඳුරැ, රතු, අළු, ළා දුඹුරැ, ළා තැඹිලි ආදී වර්ණවත් මැටි මේ සඳහා යොදා ගෙන ඇත. ප්‍රාග් ඓතිහාසික මානවයා මේ චිත්‍ර සඳහා තේමා කර ගෙන ඇත්තේ සතුන්ගේ රෑප, සතුන් දඩයම් කරන අවස්ථා, දුනු, ඊතල හා සතුන් පිට යන මිනිසුන් ය. ආදි මානවයා තම චිත්‍ර ඇඳ ඇත්තේ මිහිඳු හිමියන් ලංකාවට පෙර අවධියකයි.

සැතපෙන පිළිමය
අෂ්ටඵල බෝධිය පිහිටි ගල්තලාවේ පිහිටි ගලේම එක් බෑවුමක මෙය කරවා තිබේ. දිගින් අඩි 45 යි. චීවරය සිරැරට ඇලී ඇත. ප්‍රතිමාවේ ආරක්ෂාවට ප්‍රතිමා ගෘහයක් ඉදි කර තිබූ බවට සාධක පවතී.අනුරාධපුර යුගයේ අවසන් භාගයට අයත් වේ.

සමාධි පිළිමය
ගල් කුළ ඇතුළට හාරා ප්‍රතිමාව නිමවා ඇත. ප්‍රතිමාවේ උස අඩි 8 කි. අර්ධ උන්නතව නෙළා ඇත. පිළිමය දෙපස චාමර සලන දේවතා රෑප දක්නට ලැබේ. පිටුපස අලංකාර මකර තොරනකි. ප්‍රතිමාවට වහලක් සාදා තිබූ බවට ඉතිරිව ඇති ගල් කණු සාක්ෂි දරයි. සමාධි ප්‍රතිමාව දෙපස තවත් බුද්ධ රෑප නෙළීමට උත්සහ ගෙන ඇත. නමුත් ඒවා සම්පූර්ණ කර ගැනීමට නොහැකිවී ඇත.

 

දින පොත