2021 ජනවාරි මස 28 පෙ.ව. 02:17
- {{hitsCtrl.values.hits}}
කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ පොලොන්නරැව දිස්ත්‍රික්කයේය. උද්‍යානයේ වපසරිය හෙක්ටයාර 6900 ක් පමණ වෙයි. 2002 අප්‍රේල් පළමුවැනි දින ආණ්ඩුවේ ගැසට් නිවේදනයක් මඟින් කවුඩුල්ල, ජාතික උද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
පිහිටීම
වියළි කලාපයේ පිහිටා ඇති මෙම උද්‍යානයේ වාර්ෂික වර්ෂාපතනය මි. මී 1000 සිට 2000 කි. උෂ්ණත්වය දළ වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 28 ක් පමණ වෙයි.
සංචාරක ආකර්ෂණය
අලංකාර පරිසර පද්ධතියක් හා තෘණ භූමි බහුල වීම නිසා අලි නිරන්තරයෙන් මෙම උද්‍යානයේ නිතර ගැවසෙති. අලින් බහුලව ගැවසීම නිසා මෙම උද්‍යානය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් බොහෝ සංචාරකයෝ පැමිණෙති.
සත්ව විශේෂ
උද්‍යානයේ අලි 200 ක් පමණ සිටිති. අලි නැරඹීමට යෝග්‍යම කාලය ලෙස සැලකෙන්නේ අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාලයයි. ගෝනා, තිත්මුවා, කොටියා, වලසා හා රිලවා උද්‍යානයේ දැකිය හැකි අනෙකුත් සතුන් අතර වෙති. වලි කුකුළා, ගිරා මලිත්තා, ශ්‍රි ලංකා බොරග දෙමළිච්චා, ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා උද්‍යානය තුළ දැකිය හැකි පක්ෂීන් අතර වැදගත් වෙති. උරග විශේෂ 25 ක් පමණ ද උද්‍යානය නිජ බිම කර ගෙන සිටී.
වෘක්ෂලතා
පලු, වීර, බුරැත, මිල්ල, හල්මිල්ල, කළු මැදිරිය යන ශාක විශේෂ ප්‍රධාන වෙයි. කැප්පෙටියා, වරා, වල් ඉඳි හා ඉලුක් පඳුරැ තැන තැන දැකිය හැකිය.
උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග
![]() |
diary Read more... |