Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලන්දේසි සමය

  • 2019-05-31 13:53:11
  • 0 Comments

පෘතුගීසීන්ගෙන් පසුව පැමිණි යුරෝපීය බලවේගයක් වූ ඕලන්දවරැන්ගේ ආගමනය දිවයිනේ දේශපාලන ඉතිහාසය පිළිබඳ වැදගත් කාලපරිච්ඡේදයකි. 
ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙ‍ෙළඳ සමාගම
ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගත් ලන්දේසීන්ගේ රජය නියෝජනය කළේ පෙරදිග වෙළෙඳ කටයුතු සඳහා පිහිටුවන ලද වරලත් වෙළෙඳ සමාගමකි. එය පෙරදිග ඉන්දියානු ඕලන්ද වෙළෙඳ සමාගමය. එහි මුල් අකුරැ තුන එකතු VOC යන්න සෑදී ඇත. මෙය ලන්දේසීන් විසින් බොහෝ අවස්ථාවලදී සිය අනන්‍යතාව ලංකාවේදී තහවුරැ කිරීමට ලාංඡනයක් ලෙස යොදා ගනු ලැබීය. මෙය විශේෂයෙන් යෙදුණේ එකල භාවිත වූ කාසිවලය.
ලන්දේසි කාසි 
VOC මුද්‍රාව නොමැති කාසි කිසිවක් ලන්දේසී පාලන සමයේදී භාවිත කළේය. ඒ බවට ආඥාවක්ද නිකුත් කොට ඇත. 1713 දී ලන්දේසීන් විසින් තඹ කාසි තැනින් තැන ගෙන යෑමේ තහනමක්ද පනවා ඇත. එසේ ගෙන යන්නේ නම් එම කාසි රාජ සන්තක කිරීමටද කටයුතු යෙදිණි. 1722 දී රිදී කාසි පිටරට යැවීමද තහනම් කර ඇත. 
ලන්දේසි යුගයේදී භාවිත වූ කුට්ටි නමින් හැඳින්වූ කාසි බොහෝමයක ඒවා අච්චු ගැසූ තැන හඳුනාගැනීමට හැකි වන සේ ඒවායේ C (කොළඹ), G (ගාල්ල), J (යාපනය) යන අකුරැ යොදා ඇත.කොළඹ කාසි මුද්‍රණය කෙරැණේ කයිමන් දොරකඩ අසලයැයි ඉතිහාසයේ සඳහන් වෙයි. එහි වූ කිඹුලන් සහිත ආරක්ෂක දිය අගල නිසා කයිමන් දොරකඩ ලෙස හඳුන්වා ඇත.
පතාග
ඕලන්ද බසින් රික්ස්ඩැල්ඩර යනුවෙන් හැඳින්වුණු කාසියක් සිංහලෙන් පතාගය නම් විය. මෙහි වටිනාකම තුට්ටු 48කි. එකල පතාගය යනු විශාල මුදලකි. පදාසිය යනු පතාග සියයකි.ලංකාව තුළ බහුලව භාවිත වූ ලන්දේසි දොයිතු කාසි අච්චු ගසා ඇත්තේ ඕලන්දයේදී ය.
ලන්දේසි බලකොටු
මාතර කොටුව පිටතින් ආරක්ෂා කිරීම සඳහා ලන්දේසීන් විසින් තාරකා කොටුව ඉදිකොට ඇත.කොටුව ඉදි කිරීමේ කටයුතු 1763 දී ආරම්භ කොට 1765 අවසන් කර ඇත. දොරටුවේ ඉහළින්ම  VOC අක්ෂර සඳහන් කොට ඇත. ඊට යටින් සිංහයන් දෙදෙනෙකු සහිත ඕලන්ද ලාංඡනය වෙයි.
පෘතුගීසීන් යටතේ පැවති ගාලු කොටුව ක්‍රි. ව 1640 මාර්තු 13 වනදින ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා ලදී. පෙර පැවති අන්දමට වඩා සවිමත්ව හා ශක්තිමත්ව කොටුව ප්‍රතිසංස්කරණය කොට ඇත. දොරටුවේ උඩින් ආරැක්කුවේ බිත්තිවල ඇති කළුගල් මත ලන්දේසි VOC ලාංඡනය හැකිය.
මීට අමතරව කොළඹ, මීගමුව හා යාපනය ආදී නගරවලද ලන්දේසී බලකොටුවල නෂ්ටාවශේෂ අදටත් දක්නා ලැබේ.

උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.