2025 මැයි මස 22 පෙ.ව. 05:45 - {{hitsCtrl.values.hits}}
පසුගිය ජූලි 22 වෙනිදා ආරම්භ වුණු 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය ලෝකයේ සිටින බාලදක්ෂයින් වෙත නව දැනුම සහ නව බාලදක්ෂ ශිල්පීය ක්‍රම හඳුන්වා දීමේ වේදිකාවක් වූ බව සඳහන් කළ යුතුය.
කාලයට උචිතව වෙනස් කළ යුතු අංග හඳුනාගනිමින් නව තාවයන් එකතු කිරීම් සිදුකළ යුතුය.
බාලදක්ෂ සිනා මුහුණු
ලෝක බාලදක්ෂ ජම්බෝරිය වෙත පැමිණෙන සියලුම බාලදක්ෂයින්ගේ මුහුණු සිනහවෙන් පිරී ඉතිරී ගොස් ඇත. එළිමහන් කඳවුරැ බඳින ඔවුන්ගේ සිත් සතුටින් පිරී ඉතිරී ගොස්ය. කිසිඳු තැනක අනවශ්‍ය තරගයක් හෝ පදක්කමක් දිනා ගැනීමේ තරගකාරී අදහසක් නැත.
මෙම ආදර්ශය දේශීය මට්ටමින් පවත්වන දිසා කඳවුරැ සහ ජාතික ජම්බෝරි තුළ ද ඇති කරගත යුතුව ඇත. ඒ සඳහා අපි කුමක් කරමුද ? මෙම ප්‍රශ්නයට පිළිතුරැ සෙවිය යුත්තේ බාලදක්ෂ ආචාර්යවරැන් සහ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමා ප්රමුඛ පුහුණු කිරීමේ මණ්ඩලය විසිනි.
ධජය විහිදුවීම වෙනුවට
ධජය එසවීම
බාලදක්ෂ කඳවුරක බාලදක්ෂ ධජ විහිදුවීම හෝ කොඩිය කැඩීම සිදුකරයි. එහෙත් මෙවර 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ කැපී පෙනෙන සිදුවීමක් වාර්තා විය.
එනම් ලෝක බාලදක්ෂ ලාංඡනය සහිත ධජය සහ ලෝක ජම්බෝරි ධජය එකවර එසවීමට ආරාධිතයන් යොමු කරවීම. මේ සඳහා ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම් ඇතුළු පිරිස සහභාගී විය.
ලෝක ජම්බෝරි ස්මාරකය
විවෘත කිරීම
24 වැනි ලෝක ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කර සුළු වේලාවකින් පසු ලෝක ජම්බෝරි ස්මාරකය විවෘත කරනු ලැබීය.
පූර්ණ උන්නත නිර්මාණයක් ලෙස මූර්තිමත් කර ඇති ස්මාරකය උස අඩි 7 ක් පමණ වෙයි. අඩියක් උසැති පීඨිකාවක තැන්පත් කළ ස්මාරකයේ මුළු බර කිලෝග්‍රෑම් 410 ක් බව ජම්බෝරි සංවිධායකයින් පවසති.
බොහෝ ස්ථාන වාත්තු කර ඇත්තෙ සුදු යකඩ වානේ තහඩුවෙන්ය. ඡත්‍ර පහකින් යුතු ගෝලය මත බාලදක්ෂ ලාංඡනය ඉස්මතු කර ඇත.
අසිරිමත් පෙරහර
ලෝකයේ විවිධ රටවල් නියෝජනය කළ බාලදක්ෂයෝ සංස්කෘතික දිනයේ දී විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කළහ.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂයෝ එම දිනයේ දී පෙරහරක් සංවිධානය කළහ. ලීකෙළි, වෙස් නැටුම්, කාවඩි සහ පහතරට නැටුම් අංග ඇතුළු විශේෂාංග කිහිපයකින් සංකේතාත්මක පෙරහර ජම්බෝරි භූමිය වටා සංචාරය කරන ලදී.
ආකර්ෂණීය ආරම්භක උත්සවයක්
24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය ආරම්භ කිරීමේ නිල උත්සවයට සියලු බාලදක්ෂයෝ සහභාගී වූහ. අලංකාර මල්වෙඩි සංදර්ශන, ලේසර් තාක්ෂණික විද්‍යුත් ප්‍රයෝග, නර්තනාංග සහ සංගීතමය ඉදිරිපත් කිරීම් රුසක් ආරම්භක උත්සවය එක්කර තිබිණි.
ජාත්‍යන්තර පදක්කම් හුවමාරැව
පදක්කම් හුවමාරැ කරගැනීම බාලදක්ෂයින්ගේ ආකර්ෂණීය විනෝදාංශයක්ය. ඒ වෙනුවෙන් බාලදක්ෂ කඳවුරැ තුළ ස්වැපිං කලාපයක් ඉදිකරයි.
එය ශ්‍රී ලංකාවේ කඳවුරැ තුළ දක්නට නැතත් ලෝක මට්ටමේ ඇත. ලෝක ජම්බෝරියක් පැවැත්වෙන අවස්ථාවන් හිදී මහ පරිමාණයේ සිදුකරන පදක්කම් හුවමාරැ කරගනියි.
එයින් එකිනෙකා අතර ඇති විශ්වාසය සහ මිත්රශීලීත්වය වඩාත් වර්ධනය වෙයි. එකිනෙකා හුවමාරැ කරගනු ලබන්නේ ආර්ථික වටිනාකමින් සමාන අගයන් ඇති භාණ්ඩ හෝ පදක්කම්ය.
එය ඒ අයුරින් සිදුවනවාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීමට ස්වැපිං උපදේශක බාලදක්ෂ ආචාර්යවරැ එම කලාපයට ජාත්‍යන්තර සේවකයින් ලෙස යොදවා ඇත.
![]() |
diary Read more... |