Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළිමහන් බාලදක්ෂ කඳවුරක දිවි ගෙවන බාලදක්ෂ ඔබට සිදුකළ හැකි එළිමහන් ක්‍රියාකාරකමක් මෙහි දක්වා ඇත. මේ සඳහා ඔබ හෝ ඔබේ කණ්ඩායම එක්ව කඳවුරු කැට පෝලයක් නිර්මාණය කළ යුතුය.
කඳවුරු කැට පෝලයක් කුඩා, මධ්‍යම සහ විශාල යන ප්‍රමාණවලින් නිර්මාණය කළ හැකිය. මෙහි දැක්වෙන්නේ එසේ නිර්මාණය කළ කඳවුරු කැටපෝල කිහිපයක්ය.

කුඩා ප්‍රමාණයේ කඳවුරු කැටපෝල


මෙවැනි ක්‍රියාකාරකමක් කනිෂ්ඨ බාලදක්ෂයින් ඇතුළු පෝතක බාලදක්ෂයන් හට වඩාත් සුදුසු වෙයි. 
උණ පතුරැ කිහිපයක්, රබර් පටි කිහිපයක්, අයිස් ක්‍රීම් කෝටු කිහිපයක්, කාඩ්බෝඩ් පෙට්ටියක් සහ පබළු ඇට හෝ බොත්තම් කිහිපයක් මෙම ඇටවුම සකස් කිරීමට යොදා ගත යුතුය. 
කැටපෝලය නිවැරදිව ගැටගැසූ විට රෑපයේ පරිදි දිස්විය යුතුය. තනි තනි වශයෙන් කුඩා ප්‍රමාණයේ කඳවුරැ කැටපෝල නිර්මාණය කිරීම බාලදක්ෂයින් වෙත පැවරිය යුතු අතර එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පබළු ඇට හෝ බොත්තම් යොදා ගත යුතුය.

තරගය ආරම්භ කිරීම
බාලදක්ෂ ආචාර්යවරයාගේ හෝ ආකේලා නායිකාව හෝ උපදෙස් මත නිර්මාණය කළ යුතු කඳවුරැ කැට පෝලය තරග ආරම්භක රේඛාවේ ස්ථානගත කර එහි ඇති කුඩා දණ්ඩ කෙළවර කුටීරය තුළ පබළු ඇට රඳවා කැට පෝලය නිදහස් කළ යුතුය. පබළු ඇටය ගමන් කරන දුර අනුව බාලදක්ෂයින් වෙත ජයග්‍රහණය හිමිවෙයි.
මධ්‍යම ප්‍රමාණයේ කඳවුරු කැටපෝල නිර්මාණය


ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් සඳහා වඩාත් සුදුසු මෙම ක්‍රියාකාරකම කාණ්ඩ අනුව සිදුකළ හැකිය. මෙම ඇටවුම සකස් කළ යුත්තේ ශක්තිමත් ඉලාස්ටික් පටි සහ ලී පටිවලින්ය. 
රෑපයේ දැක්වෙන පරිදි ඇටවුම් ආකෘති නිර්මාණය කළ යුතුය. කැටපෝලය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත යුත්තේ කුඩා ප්‍රමාණයේ රබර් බෝලයක් හෝ ටෙනිස් බෝලයක්ය.

තරගයට විදීම
කාණ්ඩ අනුව නිර්මාණය කළ කැටපෝල ආරම්භක රේඛාවක ස්ථානගත කොට තරගයක් සංවිධානය කළ හැකිය. බාලදක්ෂ නායක ලබාදෙන නළා සංඥාවට අනුකූලව කැට පෝලයේ දණ්ඩ කෙළවර රුඳවූ රබර් බෝලය කැට පෝලයෙන් නිදහස් කළ යුතුය.
 රබර් බෝලය විසිවී නතරවන ස්ථානය ලකුණු කළ යුතුය. වැඩි දුරක් ගමන් කළ බෝලය අයිති කාණ්ඩයට ජයග්‍රහණය ලබාදිය යුතුය.

විශාල ප්‍රමාණයේ කඳවුරු කැටපෝල


දිසා බාලදක්ෂ කඳවුරක දී මෙවැනි ක්‍රියාකාරකමක් සංවිධානය කළ හැකිය. 
කණ්ඩායමක් එක්ව නිර්මාණය කරනු ලබන දැවැන්ත කඳවුරැ කැටපෝලයක් තරගය සඳහා ඉදිරිපත් කළ යුතුය. බාලදක්ෂ යෂ්ටි කිහිපයක් සහ ශක්තිමත් බයිසිකල් ටියුබ් මේ සඳහා යොදා ගත හැකිය. 
බයිසිකල් ටියුබයෙන් කපා ගන්නා රබර් පටි කැට පෝලයේ දණ්ඩ ක්‍රියාකරවීමට යොදා ගත යුතුය. විදීම සඳහා දැල් පන්දුවක් භාවිත කළ යුතුය. 
කණ්ඩායම් අනුව නිර්මාණය කරනු ලබන කඳවුරැ කැටපෝල ප්‍රධාන කඳවුරැ භූමියේ ප්‍රදර්ශනය කොට ඉන් අනතුරැව තරග ආරම්භ කළ යුතුය. 
සැ:යු:
• තරග විනිශ්චය සඳහා විනිසුරැවන් කිහිප දෙනෙකු යෙදවිය යුතුය.
• කැටපෝලයේ ආකෘතික හැඩ සහ නිමාව අනුව ලකුණු දී  ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන තෝරා ගත හැකිය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.