කඳවුරේ ලී මිටිය ගැනයි !
- 2019-06-24 16:35:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කූඩාරමේ කූඤ්ඤ පොළවට ගිල්වීමට සහ කාලීන උපකරණ තැනීමට ලී මිටියක් අවශ්‍ය වෙයි. එය බාලදක්ෂයා විසින්ම සකස් කරගත යුතු කඳවුරැ ආයුධයකි. මෙහි දැක්වෙන්නේ ශක්තිමත් ලී මිටියක් සකසා ගන්නා ක්‍රම කිහිපයක්ය.
පළමු ක්‍රමය
මේ ආකාරයෙන් සාදා ගන්නා ලී මිටිය වඩු බාස්වරැන් ප්‍රයෝජනයට ගන්නා අතකොලුව වැනිය. ශක්තිමත් අරටුවකින් යුත් ලී දඬු කැබැල්ලක් මීට අවශ්‍යය. එහි මුළු දිග අඟල් 18 ත් 24 ත් අතර විය යුතුය. විෂ්කම්භය අඟල් 4 ක් හෝ 5ක් හෝ විය යුතුය.
මිටිය සෑදීම
ලී දඬු කැබැල්ලේ ශක්තිමත් ඉදිරි කොටසේ අඟල් 5 ක් අතහැර ඉතිරි කොටස යතු ගා ගත යුතුය. එහි විෂ්කම්භය අඟල් 2 1/2 ක් වන තෙක් යතු ගෑ හැකිය. යතු ගෑම සඳහා බාලදක්ෂ පිහිය හෝ බාලදක්ෂ පොරව හෝ භාවිත කළ යුතුය.
දෙවැනි ක්‍රමය
මෙම ක්‍රමයට ලී මිටිය සකස් කිරීමේ දී මිටියේ හිස හා මිට වෙන වෙනම නිර්මාණය කළ යුතුය. ලී මිටියේ හිසෙහි විෂ්කම්භය අඟල් 2 ½ ක් විය යුතුය. එහි හරි මැද අඟල් භාගයක සිදුරක් ඇති කළ යුතුය.
මිටියෙහි මිට උපරිම දිග අඟල් හතක් විය යුතුය. එහි කෙළවර කූඤ්ඤයක් සවිකළ හැකි වන අයුරින් කෙටි කැපුමක් යෙදිය යුතුය. මිට හිස තුළට රිංගවා අඟලක පමණ කූඤ්ඤ කැබැල්ල එහි සිරකළ යුතුය.
තෙවැනි ක්‍රමය
ලී මිටියක් සකස් කරගන්නා මෙම ක්‍රමය ඉතා පහසුය. එහිදී ලී මිටියෙහි හිස සහිත ලී කුට්ටිය හරි
මැද සිදුරක් විදින්නේ නැත. ඒ වෙනුවට රෑපයේ දැක්වෙන සුවිශේෂී කැපුම සිදුකළ යුතුය.
එම කැපුම සිදුකළ පසු මිටියේ හිස තුළින් ත්‍රිකෝණාකාර කොටසක් සියුම් ලෙස ඉවත් කළ යුතුය. හිස තුළට මිටියෙහි මිට රිංග වීමට හැකිවන අයුරින් ත්‍රිකෝණාකාර කොටසක් මිට තුළ ඉතිරි කළ යුත්තේ රෑපයේ දැක්වෙන අයුරින්ය.
සැ:යු:
• ලී මිටිය ප්‍රයෝජනයට ගැනීමේ දී හිස සහිත කොටස පුපුරා යා හැකිය.
• ලී මිටියේ හිස ආරක්ෂා කිරීමට හිසෙහි දෙපස ශක්තිමත් කොහු ලණු පොටවල් දෙකක් යොදා වෙළුමක් යෙදිය යුතුය.
ලී මිටියෙන් තිරිංගයක් යොදමු
ලී මිටිය විවිධ අයුරින් ප්‍රයෝජනයට ගත හැකිය. මෙහි දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්ය.
ඡේදනය වන ලී දඬු දෙකකට තාවකාලිකව තිරිංගයක් යොදන්නේ මේ අයුරින්ය. ශක්තිමත් කොහු ලණු පොටක් මිටියේ හිස වටා යවමින් එය ලී කැබලි ඡේදනය වන ලක්ෂය තුළ රුඳවිය යුතුය.
කොහු ලණුවේ ක්‍රියාකාරී අන්තය වට කිහිපයක් ලී මිටියෙහි ඔතා මිට කරකැවිය යුතුය. මිටිය කරකවන විට ලණුව දඟ කැවෙයි. ලී කැබලි ද්විත්වය මැනවින් එකිනෙක ස්පර්ශ වෙයි.
සැ:යු:
පැය දෙකකට පසු මෙම තිරිංගය ලිහිල් වෙයි. එම නිසා තිරිංගය යොදා සුළු කාලයක දී එම ස්ථානයට ස්ථිර බැම්මක් යෙදිය යුතුය. එසේත් නැතිනම් ලී ඇණයක් හෝ කම්බි ඇණයක් ඡේදන ලක්ෂයට ගිල්විය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments