කොළ උණ බටෙන් මේස හදමු
- 2020-07-02 15:51:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහනේ දිවි ගෙවන බාලදක්ෂයෝ කඳවුරේ දිවිය පහසු කරගැනීම උදෙසා පුටු, මේස ආදී බොහෝ දේ සකස් කරගනිති. විවිධ ලී දඬු කැබලි සහ බාලදක්ෂ ගැට ප්‍රයෝජනයට ගෙන ඒවා නිර්මාණය කිරීම සාමාන්‍ය ක්‍රමයයි.
එහෙත් ඒ සඳහා වඩාත් පහසු ශක්තිමත් මනා නිමාවකින් යුතු ක්‍රමයක් මෙහි දක්වා ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ කොළ පාටැති ශක්තිමත් උණ ගස් කිහිපයක් සොයා ගැනීමයි.
ගැට බැමි වෙනුවට සිදුරැ
ලී දඬු එකින් එක සන්ධි කිරීමට බාලදක්ෂ ගැට හා බැමි යොදා ගනිති. එහෙත් මෙම ක්‍රමයේ දී එසේ නොකරයි. ඒ වෙනුවට සන්ධි කළ යුතු ස්ථානය සිදුරැ කරයි. එම සිදුරැ තුළට සන්ධි කළ යුතු උණ බට රිංග වීමෙන් ලී සන්ධි මූට්ටුව නිර්මාණය කරනු ලබයි.
සැ : යු :
සිදුර තුළට රිංගවන උණ බටයේ විෂ්කම්භයට සරිලන සිදුරක් විදීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොකිරීමෙන් කාලීන උපකරණයේ ශක්තිමත් භාවය දුර්වල විය හැක.
සමමිතික බව ආරක්ෂා කරන්න
තෝරා ගන්නා උණ බට එක හා සමාන කොටස් විය යුතුය. එමෙන්ම කාලීන උපකරණය නිර්මාණය කළ පසු එහි හැඩය ක්‍රමවත් විය යුතුය. ඒ මතට යොදන බලය සමමිතිකව පොළව වෙතට ගමන් කළ යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments