Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමයකුව ගතකරන අවධියේ දී ඔබ ඔබේ අතැඟිලි ආධාරයෙන් සකසන සරැංගලයක් ඉහළ ආකාසයට පා කර යැවිය යුතුමය. එසේ කිරීමෙන් ලබන අප්‍රමාණ වූ සතුට සහ වින්දනය ඔබ වියපත් වූ දිනයක සදාදරණීය මතකයක් වනු ඇත.
එබැවින් කොහෙන් හෝ වෙළෙඳ සැලකින් මිලදී ගන්නා සරැංගලයක් තමා සතු කරගන්නවාට වඩා ඔබගේ නිර්මාණශීලී හැකියාව කිරා මැන බැලීමේ අදහසින් සරැංගලයක් සකසන්න. 
ඒ අයුරින් සකසන සරැංගලයක් තිරස් හා සිරස් ඉරටු යා කිරීමේදී බාලදක්ෂ ගැට කිහිපයක් ප්‍රයෝජනයට ගත හැක. ඒවා ශක්තිමත් නයිලෝන් නූල් පොටකින් තදින් බැඳිය යුතුය. මෙහි දක්වා ඇත්තේ සරැංගලයක් සෑදීමට ප්‍රයෝජනවත් විය හැකි ගැට කිහිපයකි.

කොස් පට්ටා ගැටය


ඉරටු කූරක් මත නයිලෝන් නූල මැනවින් රඳවා ගැනීමට කොස් පට්ටා ගැටය වඩාත් සුදුසුය. එසේ රුඳුණු නයිලෝන් නූල් ක්‍රියාකාරී අන්තය හතරුස් බැම්ම යෙදීමට කදිම ආරම්භයක් ලබාගත හැක. 
කතිර බැම්ම සහ හතරුස් බැම්ම යොදා බැම්ම ලිහිල් නොවී ස්ථාවර කිරීම උදෙසා කොස් පට්ටා ගැටය යෙදිය යුතුය. රෑපයේ දැක්වෙන පියවර ඒ සඳහා අනුගමනය කළ හැක.

හතරුස් බැම්ම

කුරැසයක් හැඩයට සරැංගලයේ ඉරටු කූරැ ඡේදනය වන විට ඡේදනය වන ලක්ෂය ස්ථාවර කිරීමට හතරුස් බැම්ම සුදුසුය. එහිදී එක් ක්‍රියාකාරී අන්තයක් මත කොස් පට්ටා ගැටය යොදා නූල් පොටවල් රෑපයේ දැක්වෙන අන්දමින් ඉරටු කූරෑ හරහා යැවිය යුතුය. බැම්ම අවසන් කිරීමට කොස් පට්ටා ගැටය යෙදිය යුතුය. 

රවුම් බැම්ම


තිරස් අතට බඳින ඉරටු කූරැ එකින් එක මත තබා ගැට ගැසීමට “රවුම් බැම්ම* වඩාත් සුදුසුය. ස්ථාන තුනක දී රවුම් බැම්ම යෙදිය යුතුය. කොස් පට්ටා ගැටයෙන් බැම්ම ආරම්භ කර වට කිහිපයක් එතීමෙන් පසු කොස් පට්ටා ගැටයෙන්ම බැම්ම අවසන් කළ යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන පියවර අනුගමනය කළ හැකිය.

කතිර බැම්ම


සිරස් හා තිරස් අක්ෂ යා කරන ඉරටු කූරැ කතිරයක් හැඩයට ස්ථාවර කළ යුතු අවස්ථාවක කතිර බැම්ම එම ස්ථානයට ආදේශ කළ යුතුය. කඳන් ගැටයෙන් බැම්ම ආරම්භ කර කතිරයක් හැඩයට දිවයන නයිලෝන් නූල් පොටවල් කිහිපය අවසන් කළ යුත්තේ කොස් පට්ටා ගැටයෙන්ය. එය කරන ආකාරය මෙහි දක්වා ඇත.

කඳන් ගැටය


කතිර බැම්ම යෙදීමේ දී භාවිතයට ගන්නා කඳන් ගැටය සරැංගලයේ සිරස් හා තිරස් ඉරටු කූරෑ ක්ෂණකිව එකතු කරයි. ගැටය තද කිරීමෙන් පසු කතිර බැම්ම යෙදීම ආරම්භ කළ හැකිය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.