බසයක අසුනේ පැන්සලෙන් මතු වූ බේඩින් පවෙල්

2024 දෙසැම්බර් මස 03 පෙ.ව. 01:09 - {{hitsCtrl.values.hits}}  

පසුගිය වසර කිහිපය  තුළ දී බී.පී. දින සිහි කිරීමේ සැමැරැම් උලෙළ කිහිපයකදී බොහෝ අලුත් දේ බාලදක්ෂ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. මෙහි දැක්වෙන්නේ විස්සයි විස්ස බී, පී, දින සැමරැම් වෙනුවෙන් ගත් නිර්මාණාත්මක උත්සාහයයි. 
මෙහි දැක්වෙන සිතුවම ඇඳීමට චන්දිම මධුශාන් චිත්‍ර ශිල්පියා ගත කළ කාලය විනාඩි 30 කි. පැන්සල් කිහිපයක් තම බෑගයේ රඳවාගත් චන්දිමාල් විජය බාලදක්ෂ කඳවුරෙහි ඡායාරෑප ශිල්පියා සමග බාල දක්ෂ බාලිකා ෙදව්මි සහ හංසිකා මහරගමින් පිටකොටුව බලා දිවෙන 138 බසයට ගොඩ වැදුනේ පෙරවරැ 11ටයි. 
නොනවත්වා ධාවනය වන පස් රථයේ පසුපස අසුනේ වාඩි වී %බේඩින් පවෙල් සාමිතුමන්ගේ^ සිතුවමක් ඇඳීම... ඔහු වෙත පැවරැණු අභියෝගය විය. මේ ඔබ දකින්නේ බාලදක්ෂ ඔබ වෙනුවෙන්, බේඩින් පවෙල් සාමි තුමන්ගේ චිත්‍ර එකතුවට දෙදහස් විස්සේ වර්ෂයේ දී එක් කළ අලුත්ම නිර්මාණයයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...