බාල දක්ෂිකාවන්ට ප්‍රායෝගික පුහුණු කඳවුරක්
- 2019-08-02 12:20:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරැණු බාල දක්ෂිකා නේවාසික කඳවුරක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. ප්‍රායෝගික පුහුණුවීම් සඳහා දුෂ්කරතා ඇති සිසු දියණියන් වෙනුවෙන් මෙම කඳවුර සංවිධානය කෙරිණි.
කඳවුරට මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල, ඕමත්ත ජනපදය විද්‍යාලය, සහ හොරණ මිවනපලාන විද්‍යාලයේ සිසුවියන් එක්ව සිටි අතර ප්‍රථමාධාර ක්‍රියාකාරකම් ඉවුම් පිහුම් ක්‍රියාකාරකම් , ක්‍රීඩා සහ ඉදිරිපත්වීම් , සහ නායකත්ව පුහුණුව ඇතුළු ප්‍රායෝගික කටයුතු රුසක් ලබා ගැනීමට සිසුවියන්ට හැකි විය.
කඳවුරේ ප්‍රධානී වශයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමාජ අධ්‍යයන පිළිබඳ අධ්‍යක්ෂිකා සහ බාලදක්ෂ කොමසාරිස් වජිරා රංජිකා මහත්මිය කටයුතු කළ අතර කල්‍යාණි මාලේවන මෙනවියද එක්ව සිටියාය.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නියුතු කළුතර බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන නිශාන්ති චාමිලා මහත්මියගෙන් මේ සඳහා මහත් සහයක් ලැබුණි.
බාලදක්ෂිකා කඳවුරැ කොමසාරිස්තුමිය ආසිරි විතානගේ මෙනෙවියද, කඳවුරැ පාලිකා බස්නාහිර පළාත් නියෝජ්‍ය බාලදක්ෂිකා කොමසාරිස් මනෝරි මද්දුමගේ මහත්මියද, ජනාධිපති බාලදක්ෂිකා කොමසාරිස් වජිරා රංජිකා මෙනෙවියද,
බාලදක්ෂිකා සම්බන්ධීකාරක චානකී බැද්දගේ ,දිල්රැක්ෂි සෙනෙවිරත්න මහත්මියද චතුරිකා හපුගොඩ, නිරංජි විජේගුණවර්ධන
භද්‍රා ශ්‍යාමලී, තරංගා ලක්මාලි, ආහාර පාලිකාවන්ද වශයෙන්ද නිරෝෂිකා ලක්මාලි සහ නාලිනී මුතුකුඩ, අනූෂා යන මෙනවියෝද කඳවරැ හෙදියන් වශයෙන්ද මේ සඳහා එක්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments