මේ සූදානම්ව සිටිය යුතු කාලයයි
- 2019-06-17 09:44:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂයාගේ ආදර්ශ පාඨය සූදානම්ව සිටිනු යන්නයි. එබැවින් සියලු බාලදක්ෂයෝ එළඹෙන ඕනෑම මොහොතකට සූදානම්ව සිටිති.
ඉතිහාස කතාව
ක්‍රි. ව. 1000 දී පමණ යුරෝපයේ නයිට්වරැ අරාබිවරැන්ට විරැද්ධව සටන් කළහ. ඔවුන් අතර වූ දරැණුම සටන සිදු වුණේ ක්‍රි.ව. 1097 දී ය. නයිට්වරැන් හත් දහසක් හා අරාබි අශ්වාරෝහක භටයින් විසිපන්දාහක් අතර ඇති වූ සටන අතිශය බියකරැ වූවක් ලෙස ඉතිහාසයේ සටහන්ව ඇත.
නයිට්වරැන්ගේ සුවිශේෂී වීරෝධාර සටන් උපක්‍රම විලාසයන් නොතිබෙන්නට විසිපහන්දහසක සතුරැ භට පිරිස් අතින් පරාජයට අත් වීමට තිබුණි. එහෙත් තමන්ට එරෙහිව පැමිණි විශාල අරාබි හමුදාව පරාජය කිරීමට නයිට්වරැන් විසින් අවසාන මොහොතේ එල්ල කෙරැණු තීරණාත්මක ප්‍රහාරය නිසා හැකි විය.
නයිටිවරැන් අතරින් මතු වූ සුදු අශ්වයන් දෙදෙනකු පිට නැගි සන්නාහ හැට්ටයකින් සැරසුණු දෙදෙනෙක් නයිට්වරැන් ජයග්‍රහණය කරා මෙහෙය වූහ. එය කරන ලද්දේ ශාන්ත ජෝන් සහ ශාන්ත ඩෙමිට්‍රියස් විසින් යැයි නයිට්වරැ විශ්වාසයෙන් යුතුව කියා සිටියෝ ය. සුදු පාට පසුබිමේ රතු කුරැසය සහිත කොඩිය ශාන්ත ජෝර්ජ්ගේ ධජය ලෙස හැඳින් වේ. මෙම සලකුණ එංගලන්තයේ සියලු ම නයිට්වරැ පලඳිති.
නයිට්වරැන්ගේ ආදර්ශ පාඨය බාලදක්ෂ ව්‍යාපාරයට ඈඳා ගැනීම
සටනට ශූර නයිට්වරැ සටන් නැති සාමකාමී අවස්ථාවේදී උදවු අවශ්‍ය සෑම මිනිසෙකුටම උපකාර කිරීමට බැඳී සිටිති. එම නිසාම ඔවුන්ගේ ආදර්ශ පාඨය සෑම විටම සූදානම්ව සිටිනු. යනුවෙන් දැක්විණ. එම වචන අතරින් සෑම විටම යන වචනයඉවත් කර සූදානම්ව සිටිනු යන ආදර්ශ පාඨය බාලදක්ෂයින්ට ඉතාම සුදුසු බව බාලදක්ෂ ව්‍යාපාරයේ ආදි කර්තෘ බේඩින් පවෙල් සාමිතුමා තීරණය කළේ ය.
බාලදක්ෂයන්ද, නයිට්වරැන් මෙන් කටයුතු කළ යුතු බව දිනෙක දී පැවසුවේ ය. දුෂ්කර අවස්ථාවකට හෝ අනතුරකට පත්වන බාලදක්ෂයන් ඊට නොබියව මුහුණ දිය යුතු ය. යන සිතුවිල්ල ළමා මනස තුළ සියුම්ව රෝපණය කළේ ය. එමෙන් ම නයිට්වරැන් මෙන් ම සෑම විටම අනුන්ට උපකාර කිරීමට ද බාලදක්ෂයෝ බැඳී සිටිති. ඔවුන්ද නයිට්වරැන් හා සමාන යැයි යන අදහසින් ආදි කර්තෘ බාලදක්ෂ නායක බේඩින් පවෙල් සාමිතුමන්ගේ අදහසක් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය ලෙස BE PREPARED යොදා ගත යුතු බව තීරණය විය.
Reply To:
Name - Reply Comment
0 Comments