Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 වසරේ පෙබරවාරි 22 දිනට බේඩ්න් පවෙල් බාලදක්ෂ ආදි කතෘතුමාගේ උපන්දිනය යෙදී ඇත. ඒ වෙනුවෙන් කරැණු පෙළගස්වන මොහොතේ කාලීන වැදගත්කමකින් යුතු ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. මේ ඒ පුවතයි.
2019 පෙබරවාරි බී.පී.දිනය සමරපු ගිය අවුරැද්දෙ තමයි මට මේ අදහස ආවේ. ඒ අදහස මේ අවුරැද්දෙ දි මම ඉටු කරගත්තා. ඒ විතරක් නෙමෙයි මට ඒ වෙනුවෙන් කොරියාවේ පැවැත්වුණු නව නිර්මාණකරැවන්ගේ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගයේ රිදී පදක්කම ලැබුණා. මම බාලදක්ෂයෙක් හැටියට ලැබූ එම ජයග්‍රහණය මටත්, ශ්‍රී ලංකාවටත් අභිමානයක්.
විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගය කුඩා කාලයේ සිටම කියවූ පාඨකයකු වුණු පසිඳු ෂෙහාන් ගුණරත්න බාලදක්ෂයා කටහඬ අවදි කළේ ඒ අයුරින්ය.
මම රත්නපුර අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයෙක්. මම පාසල් යන මුල් කාලේ ඉඳලම පුංචි පුංචි නව නිර්මාණ සිදු කළා. ඒ නිසාම පාසලේ දී විවිධ වූ ජයග්‍රහණ ලබා ගත්තා. ඒ අතරින් 2018 වර්ෂයේ පැවැත්වූ සහසක් නිමැවුම් ජාතික නව නිර්මාණකරැවන්ගේ තරගයේ පාසල් කාණ්ඩයේ ජය ලැබුණේ මට. ඒකට මම ඉදිරිපත් කළේත් මෙහි දැක්වෙන ලී ඇණ නිපදවීමේ යන්ත්‍රයයි. එතැනින් නොනැවතුණු මම මේ යන්ත්‍රය කොරියාවේ පැවති ජාත්‍යන්තර නව නිමැවුම් කරැවන්ගේ ඔලිම්පියාඩ් තරගයට ඉදිරිපත් කළා. එම තරගයේ දී තමයි මම හදපු ලී ඇණ නිපදවීමේ යන්ත්‍රයට රිදී සම්මානය ලැබුණා.

බාලදක්ෂයෙකු හැටියට ඔබේ ජයග්‍රහණය ගැන ඔබට සතුටුයිද ? 
මගේ තාත්තා වඩු කාර්මිකයෙක්. මම දැකලා තියෙනවා එයා කියතෙන් කපලා ලී යතු ගාලා පුටු මේස හදනවා. ඒ ලී මූට්ටු කරන්න හදන ලී ඇණ හදන්න ලොකු කාලයක් ගන්නවා. ඒ අතර කාල වකවානුවක දී තමයි මම “අත්හුරැවා* ප්‍රවීණතා පදක්කම සමත් වුණේ. ලී වැඩ කරන අතරතුර දී මට ඇතිවුණු හැඟීමක් තමයි මට ජාත්‍යන්තරයට යන්න පුළුවන් වුණේ. ඉතින් මම ළමයෙක් විදිහටත්, බාලදක්ෂයෙක් හැටියටත් ලබා ගත හැකි ඉහළ ජයග්‍රහණයක් ලබා ගත්තා කියලා සතුටුයි.
ඔබේ බලාපොරොත්තුව
මම නව නිර්මාණ කිහිපයක්ම මේ දිනවල අත්හදා බලනවා. ඒ දේවල් නිසා කාලයට එළිදක්වලා ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයටත්, මම බාලදක්ෂ කටයුතු කරන අයගම විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමටත් කීර්තියක් නැවතත් ලබාදෙන එකයි මගේ එකම බලාපොරොත්තුව.


චමින්ද වාරියප්පෙරැම.
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.