ලී කුට්ටි හාන්සි පුටුව
- 2019-05-23 21:26:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂයින් එළිමහන් කඳවුරැ බඳින විට ඔවුන්ගේ කාලීන අවශ්‍යතා ඉටු කර ගැනීමට කාලීන උපකරණ නිර්මාණය කර ගනිති. බාලදක්ෂයින්ගේ සිතැඟි පරිදි නිර්මාණය කරනු ලබන කාලීන උපකරණ බාලදක්ෂයාගේ හැකියාවත්, නිර්මාණශීලීත්වයත් පිළිබිඹු කරයි.
මෙහි දැක්වෙන්නේ ද එවැනි උත්සාහයක ප්‍රතිඵලයක් ය.
ලී කුට්ටි හාන්සි පිටුව සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය
අඩි දෙකහමාරක් දිගැති සම විෂ්කම්භයෙන් යුතු ලී කුට්ටි කිහිපයක්.
මිලි මීටර් 16 ඝනකම ඇති අඩි අඩක් දිගැති කම්බි දේ. මේ සඳහා ශක්තිමත් යකඩ බට දෙකක් වුවද භාවිත කළ හැකි ය.
හාන්සි පුටුව නිර්මාණය කිරීම
යකඩ බට දෙක හෝ මිලිමීටර් 16 කම්බි දෙක රෑපයේ දැක්වෙන පරිදි ක්‍රමවත්ව නමා ගත යුතු ය. කම්බි දෙක එක සමාන හැඩයකින් නවා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. විශාල ගස් දෙකක් අතරින් කම්බිය රිංගවා බාලදක්ෂ කණ්ඩායම් සාමාජිකයින් කිහිපදෙනෙකුගේ සහයෝගය ලබා ගැනීමෙන් මෙම හැඩය ලබා ගැනීම පහසුවෙන් කළ හැකිය.
එසේ නොමැති නම්, පයිප්ප කැබැල්ලක් ආධාරයෙන් කම්බිය හැඩ ගන්වා නැමිය යුතු ය. ඒ සඳහා අවැසි උපදෙස් බාලද්කෂ ආචාර්ය වරයාගෙන් ලබා ගත යුතු ය.
නමාගත් යකඩ කම්බි දෙක හෝ යකඩ බට දෙක පොළොව මත තබා ලී කුට්ටිය බැගින් ගෙන ඒ මත තබා ගැට ගැසිය යුතු ය. ඒ සඳහා හතරුස් බැම්ම භාවිත කළ හැකි ය.
ලී කුට්ටි සියල්ල එකිනෙක බැඳුණු පසු රෑපයේ දැක්වෙන හාන්සි පුටුවක හැඩය ඉස්මතු වෙයි. මෙම හැඩය සහිත පුටුවක දිගු වේලාවක් විවේකීව ගත කළ හැකි ය. සුවපහසුවටත් වැඩ කර ගැනීමට ඔබ කැමති නම් කඳවුරැ ජංගම මෙට්ටයක් පුටුව මත ඇතිරිය හැකි ය. එසේත් නැතිනම් කොට්ට කිහිපයක් හෝ ඇඳ ඇතිරිලි කිහිපයක් පුටුව මත අතුරා ගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments