අභිමානවත් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරිය

2024 මැයි මස 19 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}  

ලංකාව බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන 53 වැනි වරට කොළඹදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය 10 වැනිදා ආරම්භ විය. 14 වැනිදා දක්වා විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ති‍බේ. කොමසාරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැයේ දරු දැරියන්ගේ මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්,  බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.

ඡයාරූප -රුෂීරු තරංග

දින පොත