ආදි කර්තෘවරැන් සිහිපත් කරමු

2024 මැයි මස 03 ප.ව. 11:49 - {{hitsCtrl.values.hits}}  

බේඩ්න් පවෙල්

බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් උපත ලැබුවේ 1857 පෙබරවාරි 22 වැනිදායි. එබැවින් ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ පෙබරවාරි මස 22 නම්කර ඇත්තේ නිර්මාතෘ දිනය ලෙසයි.

බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ මවුපියෝ
බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ මව හෙන්රියේටා ග්රේස් ස්මිත්ය. පියා දේවගැති බේඩ්න් පවෙල්ය. බේඩ්න් පවෙල් සාමිතුමන් ඉපදී වසර තුනකින් ඔහුගේ පියා ස්වර්ගස්ථ විය. එදා සිට බේඩ්න් පවෙල් සාමිතුමන් හැදීවැඩී ලොකු මහත් වූයේ මවගේ සෙවණෙහිය. එම නිසාම බේඩ්න් පවෙල් සාමිතුමන් තම මවට බොහෝ ඇලුම් කළේය. හැම මොහොතකම මගේ රත්තරන් අම්මා යැයි කියමින් ඇයට ආමන්ත්‍රණය කළේය.

බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ සොහොයුරැ සොහොයුරියෝ
බේඩ්න් පවෙල් සාමිතුමන්ට සොහොයුරන් දෙදෙනෙක් සහ සොහොයුරියක් සිටියෝය. ඔවුන්ගේ නම් පිළිවෙළින් හෙන්රි වොරින්ටන්, සර් ජෝර්ජ් ස්මිත් සහ ඇග්නස් ස්මිත් විය. බේඩ්න් පවෙල් සාමිතුමන් තම නැගනිය ඇග්නස් සමග තම සොහොයුරන් දෙදෙනාට වඩා සමීප වූවේය. බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දීමේ දී ඇග්නස්ගේ සහයෝගය නොමදව ලබා ගත්තේය. 
ඇග්නස් ස්මිත් මැතිනිය ලෝක බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජයට හඳුන්වා දීමේ දී සිදුකළ මෙහෙය වර්තමානය වනවිට අමතක වී ගොස් ඇත. එහෙත් බාලදක්ෂිකා ව්‍යාපාරය පිළිබඳ ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට ඇග්නස් ස්මිත් මැතිනියගේ කාර්යශූර ස්වෙච්ඡා සේවය ඉස්මතු වී පෙනෙනු ඇත. 

ඔලෙව් මැතිනිය හා බේඩ්න් පවෙල් විවාහ වෙයි

දැනට ඉතිරිව ඇති බේඩ්න් පවෙල් යුවළගේ මංගල ඡායාරෑපය

බේඩ්න් පවෙල් මහතාගේ ජීවිත කථාව අපූර්වත්වයෙන් පිරීගිය එකකි. මිනිසුන් විවාහයට පත්වනුයේ ඔවුන්ගේ තරැණ අවධියේදීය. එහෙත් තම තරැණ අවධිය එංගලන්තයේ රාජකීය හමුදාවේ ගතකළ බේඩ්න් පවෙල් විවාහයක් පිළිබඳ සිතීමට වූයේ තම ජීවිතයේ දෙවෙනි අර්ධ ශතකය ආරම්භ වීමත් සමගය.
 එවිට බේඩ්න් පවෙල්ගේ වයස අවුරැදු 55 ක් විය. ව්‍යාපාරික උසස් මධ්‍යම පන්තික පවුලකින් පැවත එන ඔලෙව් සෙන් ක්ලෙයාර් මෙ‍ෙනවිය 1912 දී බේඩ්න් පවෙල් සාමිතුමන් සමග යුග දිවියට එළැඹුණාය.

ඔලෙව් සෙන්ට් ක්ලෙයාර්


අප්‍රකට තවත් පුවතක් ඇත. එය නම් බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ ආර්යාව ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝමර්ස් මැතිනියගේ උපන්දිනය ද යෙදී ඇත්තේ පෙබරවාරි 22 වැනි දාටයි. ඇය උපත ලබා ඇත්තේ 1889 පෙබරවාරි 22 වැනිදායි. දෛවෝපගත හමුවීමක් විවාහයකින් කෙලවර වූ අයුරැද පුදුම සහගතය.
 විජය බාලදක්ෂ කඳවුරේ මෙම අතිරේකය බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාර ලෝකයට හඳුන්වා දුන් ආදි කර්තෘ යුවළ සිහි කිරීමේ දිනය වෙනුවෙනි.

බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ දරැවෝ

බේඩ්න් පවෙල් මහතාට සහ ඔලෙව් මැතිනියට උපන් ප්‍රථම දරැවා පිරිමි දරැවෙකි. 1913 දී උපන් ඔහුට ආතර් රොබට් යන නාමය තැබීය. 
1915 දී උපන් දියණිය හෙදර් ග්රේස් නම් විය. 1917 දී උපන් බිලිඳිය බෙටී සෙන්ට් ක්ලෙයා නම් වූවා ය. වර්තමානය වන විට ඒ සියලු දෙනා අභාවප්‍රාප්ත වී ඇති බව ලෝක බාලදක්ෂ බියුරෝව නිවේදනය කර ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීම
යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය බේඩ්න් පවෙල් සාමිතුමා එවකට පැවැති සමාජ වටපිටාව හොඳින් හඳුනාගත් අයෙක් විය. පොත් ලිවීමට, චිත්‍ර ඇදීමට දක්ෂයකු වූ එතුමා 1899 දී රචනා කල &ඔත්තු සේවයට ආධාරක* නැමති කෘතිය (Aids to Scouting) තරැණ පරපුර අතර ප්‍රචලිත විය. එම කෘතිය රචනා කරන ලද්දේ හමුදාවේ අධිකාරී නොලත් නිලයන් සඳහා වීමද විශේෂත්වයකි. 
කෙසේ මුත් එම කෘතියේ තොරතුරැ එංගලන්ත තරැණ සේනාංකයේ නිර්මාතෘ සර් විලියම් ඇලෙක්සැන්ඩර් ස්මිත් හා බේඩ්න් පවෙල් සාමි අතර සාකච්ඡාවට ලක්විය. පොතේ අඩංගු කරැණු ඒ වන විටත් තරැණයින් අත්හදා බලමින් ක්‍රියාකාරකම් වල නියැළීම ඊට හේතුවයි. පවතින තත්ත්වය තහවුරැ කරගැන්මට අවැසි වූ බේඩ්න් පවෙල් සාමිවරයා ප්‍රමුඛ සුබ පතන්නෝ අත්හදා බැලීමේ කඳවුරක් සැලසුම් කළහ. ඒ අනුව ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර 
1907 ජුනි මස 31 පැවැත්විණ.

Scouting For Boy’s


අතිශය සාර්ථක වූ අත්හදා බැලීමේ බාලදක්ෂ කඳවුරින් වසරක් ගතවී 1908 මැයි 01 දා Scouting For Boy’s කෘතිය එළිදක්වනු ලැබීය. එහි ඇති සියලු කාටූන් චිත්‍ර බේඩ්න් පවෙල් සාමිතුමන් අතින් නිර්මාණය විය. එදා සිට අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත වන්නේ Scouting For Boy’s කෘතියයි.

යුද හමුදා සේවයේ යෙදුණු බේඩ්න් පවෙල්
බේඩ්න් පවෙල් සාමිතුමා 1876 සැප්තැම්බර් 11 වන දින බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ අධිකාරී ලත් දෙවන ලුතිනන් වරයකු ලෙස ඉන්දියාවේ 13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවට අනුයුක්තව හමුදාවට එක් විය. 
1907 ජුනි 10 වැනි දා හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා තෙක් යුද සෙබළකු ලෙස කටයුතු කරමින් විවිධ තානාන්තර හෙබවීය. බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ විශිෂ්ට සේවාව අගය කරමින් එතුමා හට ප්‍රදානය කෙරැණු අධිනාම හා ගෞරව නාම රුසකි. ඒවා පහත අයුරින් දැක්විය හැකිය.
•     බාත් සාමාජික ආදිපාද අණදෙන්නා (1909)
•     වික්ටෝරියානු සාමාජික ආදිපාද අණදෙන්නා (1909)
•     ජෙරැසලමේ ශාන්ත ජෝන් සාන්තුවරයාගේ කරැණාවේ 
    නයිට්වරයා (1912)
•     ක්‍රිස්තියානි සාමාජික විශිෂ්ට අණදෙන්නා (1920)
•     රීඩ්මර් සාමාජික විශිෂ්ට අණදෙන්නා (1920)
•     රාජකීය අණදෙන්නා (බෙල්ජියම) (1921)
•     ගෞරවනීය සමාජයේ අණදෙන්නා (ප්‍රංශය) (1922)
  බිත්‍රාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ නාමයට විවිධ වූ තනතුරැ සහ නාමයන් රුසක් එක්විය. විවිධ වකවානු තුළ දී ප්‍රදානය කෙරැණු එම පදක්කම් සහ සියලුම අධිනාම ලන්ඩනයේ ක්වීන්ස් ගේට් හි පිහිටි බේඩ්න් පවෙල් මැදුරේ වර්තමානයේ දී මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 
බේඩ්න් පවෙල් සාමිතුමන් දිනාගත් පදක්කම් සහ තනතුරැ නාම සිංහලෙන් දැක්විය හැක්කේ මෙසේ ය. එය ඔබගේ බාලදක්ෂ ලොග් පොතට එකතු කළ හැකිය.

1884 – 1892 - කපිතාන්වර‍ෙයක් විය.
1892 – 1896 - මේජර්වරයෙක් විය.
1896 – 1897 - ලුතිනන් කර්නල් බවට පත්විය.
1897 – 1900 - කර්නල්වරයෙක් විය.
1900 – 1901 - මේජර් ජෙනරාල් විය.
1901 – 1907 - මේජර් ජෙනරාල් - CB
1907 – 1909 - ලුතිනන් ජෙනරාල් විය. KCVO, CB
1909 – 1929 - ලුතිනන් ජෙනරාල් සර් රොබට් ස්ටීවන්සන්
ස්මිත් බේඩ්න් පවෙල් ලෙස හැඳින්විය.
BT, GCMG, GCVO, KCB, KSTJ
1929 – 1937 - ලුතිනන් ජෙනරාල් නාමධාරී The Lord බේඩ්න් පවෙල් විය.
 GCMG, CCVO, KSB, KSTJ, BT 
1937 – 1941 - ලුතිනන් ජෙනරාල් The Lord බේඩ්න් පවෙල් විය. 
OM, GCMG, GCVO, KCB, KSTJ, BT

බාලදක්ෂිකාවෝ සිහිකිරීමේ දිනය හඳුන්වා දෙති

 ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වූ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ සමරැ ඵලකය

වර්ෂ1926 දී ලෝක බාලදක්ෂිකා සංගමය විසින් පෙබරවාරි 22 දිනය ජාත්‍යන්තර සිහිකිරීමේ දිනය (Thinking Day) ලෙස නම් කරන ලදී. ඒ වෙනුවෙන් අරමුදලක් ද ගොඩනගනු ලැබීය. ලොව පුරා බාලදක්ෂිකාවෝ එදිනට තම රටේ භාවිත කරන කාසියක් ලෝක සිහිකිරීමේ අරමුදලට පරිත්‍යාග කරති. 
එලෙස රුස් කරන පරිත්‍යාග ලෝකයේ බාලදක්ෂිකාවන් මුහුණ දෙන ආර්ථික ගැටලු විසඳාගැනීමට සහ ජාතික ආපදාවල දී ප්‍රයෝජනයට ගනු ලබයි. 1975 වර්ෂයේ දී ජාත්‍යන්තර සිහිකිරීමේ දිනය වෙනුවෙන් සිහිකිරීමේ ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබිණ.

බේඩ්න් පවෙල් සහ ආරෑඪ නාම


බේඩ්න් පවෙල් සාමිතුමන් හඳුන්වන ආදරබර කෙටි වදන වනුයේ බී.පී. යන්නය. ඊට අමතරව තොප්පියක් පැලඳීම හේතුවෙන් කැන්ටකී යනුවෙන් ද හැඳින්විණ. 
වෙඩි තැබීම සඳහා භාවිත කළ සුවිශේෂ ඉරියව්ව හේතුව වෙනුවෙන් M hlala panzi  යනුවෙන් සුලු ගෝත්‍රිකයින්ගේ ගෞරවයට පාත්‍ර විය. මැටබෙල්වරැ ඉම්පීසා යන ආදරබර වදනින් ආමන්ත්‍රණය කළහ. යුද්ධයේ දී ඔත්තු බැලීමේ දී සූක්ෂම වූ බේඩ්න් පවෙල් හැඳින්වුයේ කිසි දිනෙක නොනිදන වෘකයා යන නමින්ය.

බී.පී.තුමාගේ මුනුපුරෝ
බේඩ්න් පවෙල් යුවළ විවාහයෙන් පසු පැක්ස් ටු නිවසේ උපත ලබන කුලුඳුල් පිරිමි දරැවා ආතර් රොබට් පීටර් බේඩ්න් පවෙල්ය. පසු කාලයේදී ඔහු 2 වෙනි බාරොන් බේඩ්න් පවෙල් යනුවෙන් හැඳින්විණ. පීටර් බේඩ්න් පවෙල් හා කරීන් ක්‍රවුස් බොර්ඩ්මන්ගේ විවාහයෙන් පසු රොබර්ට් ක්‍රවුස් බේඩ්න් පවෙල්, ඩේවිඩ් පවෙල්, ඩේවිඩ් මයිකල් ඩේවිඩ් පවෙල් හා වෙන්ඩ් ඩොරති ලිලියන් බේඩ්න් පවෙල් යන දරැවන් තිදෙනා පවුලට එක් වූහ.
බී.පී.යුවළට උපන් දෙවන දරැවා හෙදර් ග්‍රේස් බේඩ්න් පවෙල් ලෙස හැඳින්විය. ජෝන් හෝල් කිං සමග විවාහ වීමෙන් පසු මයිකල් රොබට් හෝල් කිං හා තිමොති පෝන් හෝල් කිං යන දරැවෝ දෙදෙනා උපන්හ.
බාලම දියණිය බෙටී සෙන්ට් ක්ලෙයා බේඩ්න් පවෙල් 1917 අප්‍රේල් 16 දින උපන්නා ය. ගවාස් චාර්ල්ස් රොබට් ක්ලේ සමග විවාහ වූවා ය. ඔවුන්ගේ දරැවෝ ගිලියන් එලා සෙන්ට් ක්ලෙයාර්, ක්ලේ, රොබින් බේඩ්න් ක්ලේ, නයිජල් ජෙරාඩ් අර්ඩින් බේඩ්න් ක්ලේ හා ක්‍රිස්පින් ඩේවිඩ් පවෙල් ක්ලේ ය.

බේඩ්න් පවෙල් යුවළ .වාසය කළ පැක්ස් ටු නිවස එදා සහ අද

දින පොත