ඉලක්කයට පොරව විසිකරමු

2024 මැයි මස 08 පෙ.ව. 01:27 - {{hitsCtrl.values.hits}}  

ඉලක්කයට පොරව විසිකිරීම අපූරැ ක්‍රීඩාවක් බව පුරෝගාමීහු පවසති. ඒ වෙනුවෙන් ම නිපද වූ පොරව විශේෂයක් ඇත. එම පොරව බාලදක්ෂ පොරවේ තලයට සහ මිටෙහි හැඩයට හාත්පසින්ම වෙනස්ය.
මෙහි දැක්වෙන ආකාරයේ පොරව තලයක් හෝ කෙටේරියක් හෝ සොයාගෙන ඔබගේ බාලදක්ෂ කාණ්ඩයටත් ඉලක්කයට පොරව විසිකිරීම පුහුණු විය හැකිය. මෙසේ පුහුණූවීමේදී ආරක්ෂාව ඉතා වැදගත්ය. පොරොව විසිකරන සීමාවේ කිසිවෙකුත් රුදී නොසිටිය යුතුය. එමෙන්ම මෙය පුහුණුවන අවස්ථාවලදී පොරොව විසිකිරීම පිළිබඳ පුහුණුව ලද වැඩිහිටි බාලදක්ෂයෙකු ළඟ තබා ගැනීමටද කටුයුතු කිරීම සැමවිටකම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයකි.

• පොරව විසිකිරීමට පෙර සූදානම් වෙන්න
දුනු ක්‍රීඩාවේ දී භාවිත කරන ඉලක්කය සහිත ආධාරකයක් පොරව විසි කිරීමේදී යොදා ගත යුතුය. එය රෑපයේ දැක්වෙන පරිදි සකස් කළ යුතුය. සැහැල්ලු ලෑලි කැබැල්ලක් ගෙන ඒ මත පිළිවෙලින් කළු සහ සුදු වර්ණයෙන්  වෘත්ත ඇඳ ඉලක්කය සහිත ආධාරකය නිර්මාණය කළ හැකිය.
• ඉලක්කයට දමා ගැසීම ආරම්භ කරන්න.
පොරව විසි කළ යුත්තේ එහි තලය ඉලක්කය සහිත ආධාරකය මත ඇමිණෙන ලෙසින්ය. එක්වරම එය කළ නොහැකිය. කිහිප වතාවක් පුහුණු විය යුතුය. එහිදී පහසුවෙන් සිටගත් බාලදක්ෂයාගේ දෑත් හිසට උඩින් කරකැවිය යුතුය. නියමිත අවස්ථාවේ දී දෑතේ රුඳුණු පොරව නිදහස් කළ යුත්තේ ඉලක්කය වෙත එල්ල වූ සැණෙකින්ය. බාලදක්ෂ ඔබ පෙර පුහුණුවීම් වාර කිහිපයක් රෑප සටහන අනුගමනය කරමින් අභ්‍යාස කළ යුතුය. 
• ඉලක්කය මේ අයුරින් නිවැරදි විය යුතුය.


දමා ගසන පොරව ඉලක්කය මත වැදී එහි රුඳෙන ආකාරය අනුව කාණ්ඩයට ලකුණු රුස් කළ හැකිය. පොරවේ මිට පොළොවට සිරස්ව ලම්බක වූ අවස්ථාවක් නම් ඒ සඳහා ලකුණු වැඩි ගණනක් ලැබෙයි. මිට හැඩ වී ඉලක්කය මත රුඳී ඇති අවස්ථාවක ලැබෙන්නේ මුළු ලකුණු ප්‍රමාණයෙන් හරි අඩක්ය. පොරවේ මිට ඉලක්කය මත වැදී බිම පතිත වූ අවස්ථාවක ලකුණු නොලැබෙයි. මේ ආකාරයෙන් කාණ්ඩ අනුව කිහිප අවස්ථාවක් පොරව විසිකිරීමේ ක්‍රීඩාව කළ හැකිය.

දින පොත