කාලීන උපකරණය හදන්න කලින් චිත්‍රයකට නගන්න

2024 මැයි මස 07 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}  

මෙහි දැක්වෙන චිත්‍රය නිරීක්ෂණය කරන්න. බාලදක්ෂ කඳවුරක දී නිර්මාණය කරන කාලීන උපකරණයක් වන මුර අට්ටාලයක් එහි දැක්වෙයි. සැබැවින්ම මෙය සිතුවමට නගා ඇත්තේ මුර අට්ටාලය ලී භාවිත කර සකස් කිරීමට පෙරදීය. එසේ ඇඳීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? බාලදක්ෂ ඔබට මතුවන  ගැටලුවක් විය හැකිය.
• කටු සටහන් චිත්‍රයක් අඳින්නේ ඇයි ?
බාලදක්ෂ කඳවුරක බාලදක්ෂයින් ඒ මොහොතට ගැළපෙන කාලීන උපකරණ නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් ඇත. එහි වරදක් නැත.  ඔබ විසින් නිර්මාණය කරනු ලබන කාලීන උපකරණය  කෙසේ දිස්වනු ඇති දැයි අනුමාන කර එය සකස් කිරීම ආරම්භ කළ හැකි නම් අවසන් ප්‍රතිඵලය වඩාත් සාර්ථක වනු ඇත. මෙහි දැක්වෙන ආකාරයේ වර්ණ ගැළපුමක් ඇති කටු සටහනකට සමාන ලෙස ඔබ ඔබේ කාලීන උපකරණය නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා සොයාගත යුතු ලී දඬු ප්‍රමාණය, ඒවායේ උස ප්‍රමාණ, සන්ධි කිරීම් සහ යොදන ගැට හා බැමි වර්ග, අවශ්‍ය ලණු වර්ග කල්යල් ඇතිව සපයාගත හැකි වෙයි.

දින පොත