ගැට මාමා

2024 මැයි මස 07 ප.ව. 06:42 - {{hitsCtrl.values.hits}}  

ඕං ..... බාලදක්ෂ පුතේ දුවේ ..... මා අද සිට ඔබට එදිනෙදා ප්‍රයෝජනවත් වෙන බාලදක්ෂ ගැට ගැන කියල දෙනවා. ගැටයක් දමන විදිහ වගේම ඒ ගැටයෙන් ගන්න ප්‍රයෝජනත් දැනගන්න ඕනෑ. මං අද කියල දෙන්නෙ බාලදක්ෂ සාමාජිකත්ව පදක්කමේ දී වගේම පෝතක බාලදක්ෂයන් ඉගෙන ගත යුතු රැවල් ගැටේ ගැන. මුහුදු යන නාවිකයන්ට ප්‍රයෝජනවත් වන මේ ගැටය ඉතාම ඉක්මනින් යොදන්න පුළුවන්. ඒ වගේම ගැටයක් යොදන්න අපහසු ඕනෑම ස්ථානයකට ඉතාම පහසුවෙන් මෙම ගැටය යොදන්න පුළුවන්. තිරස් අතට ඇදෙන ලණුවලට මෙම ගැටය යෙදීමෙන් ලණුව වඩාත් හොඳින් ස්ථාවර කළ හැකියි. ඒ වුණාට එල්ලෙන සිරස් අතට යොදන ලණුවලට මේ ගැටය ටිකක් විතර අවදානම්. කඹය සෙලවීමෙන් ගැටය ලිහිල් වෙන්න පුළුවන්. එහෙම වෙලාවක දෙපට රැවල් ගැටය යෙදිය යුතුමයි. මේ ඡායාරෑප දිහා බලන්න. ඔබටත් පුළුවන් නේද ඒවා දිහා බලලා රැවල් ගැටය යොදන ආකාරය ඉගෙන ගන්න.

දින පොත