ගුවන් ක්‍රියාකාරකම් බාලදක්ෂ පුහුණුව

2024 අප්‍රේල් මස 27 ප.ව. 11:14 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ කඳවුරක හෝ ජම්බෝරියක බාලදක්ෂ ක්‍රියාකාරකම් ස්ථානගත කරන්නේ පොළොව මට්ටමට සමීපයෙන්ය. එහෙත් එම තත්ත්වය වෙනස් කළ හැකිය.
 එය බාලදක්ෂයින් හට නව අත්දැකීමක් එකතු කරනු නිසැකය. එළැඹෙන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ දී මෙහි දැක්වෙන අභ්‍යාසය බාලදක්ෂයින්ට අලුතින් හඳුන්වා දිය හැකි නම් එය කාලෝචිත වනු ඇත.

ගුවන් ගත බාලදක්ෂ ක්‍රියාකාරකම්
මෙහි දැක්වෙන ඡායාරෑප කිහිපය හොඳින් නිරීක්ෂණය කරන්න. සියලු ක්‍රියාකාරකම් ස්ථානගත කොට ඇත්තේ අඩි 15 ත් 20 ත් අතර උසකින්ය. 
එක් ක්‍රියාකාරකමකින් ආරම්භක පිවිසුම ලබා ගත් බාලදක්ෂයාට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් ජයගැනීමේ අභියෝගය ඉදිරියේ දී ලැබෙයි.

අභියෝග ජාලයක් සැලසුම් කිරීම
මෙහි දැක්වෙන අයුරින් සමස්ත ක්‍රියාකාරකම් ආකෘතිය තුළ අපූරැ ක්‍රියාකාරකම් රුසක් සැලසුම් කොට ඇත. ඒ අතර, වඳුරැ පාලම, එල්ලෙන පාලම, අතුර, තනි කඹයේ තිරස් හා සිරස් චලනයන්, මකුළු දැල ඇතුළු බාලදක්ෂ ක්‍රියාකාරකම් සකස් කොට ඇත.
ශක්තිමත් ආකෘතියක් ස්ථානගත කිරීම
ජාතික ජම්බෝරියක මෙවැනි වූ බහුවිධ බාලදක්ෂ ක්‍රියාකාරකම් පද්ධතියක් ස්ථානගත කරන්නේ නම් එහි ශක්තිමත් භාවය ගැන සිතා බැලිය යුතුය. ඒ සඳහා යොදා ගත යුත්තේ කුමන අමුද්‍රව්‍ය දැයි පරීක්ෂා කළ යුතුය. සිරස් අතට සිටවූ කණු නොසෙල්වෙන සේ ස්ථාවර කළ යුත්තේ කෙසේදැයි සැලසුම් කළ යුතුය.
කඹ සහ කම්බි කඹ භාවිත කිරීම
සියලු ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා වූ කඹ &සෙයිසලාන් හෝ මැනිලා* කඹ විය යුතුමය. තිරස් අතට දිවයන එහෙත් බිඳී යාමේ දැඩි අවදානමක් ඇති තැන්වලට කම්බි කඹ යොදා ගත යුතුය.
ආත්ම ආරක්ෂාවට කටයුතු සම්පාදනය කිරීම
මෙම ක්‍රියාකාරකම සඳහා සහභාගි වන සෑම බාලදක්ෂයකුම හෙල්මටය පැලඳිය යුතුය. හානසය ඇඟලා ආරක්ෂිත රුහැන් රඳවා තැබිය යුතුය. ඒ සඳහා අවැසි ජීවිතාරක්ෂක හානස සහ හෙල්මට් බාලදක්ෂ ආචාර්යවරයාගේ මග පෙන්වීම යටතේ ලබා ගත යුතුය.
මුහුදු බාලදක්ෂයාට ප්‍රයෝජනවත් ගැට
මෙහි දක්වා ඇත්තේ මුහුදු බාලදක්ෂයින් හට නිතර ප්‍රයෝජනවත් වන ගැට කිහිපයක්ය. ඒවා බාලදක්ෂ ගැටවල දී හඳුනා ගන්නා පුඩු, නැමීම්, වෙලීම් අනුසාරයෙන් ගොඩනගා ඇත. 
ලිස්සන සුලු කඹ සහ ලණු සඳහා මෙම ගැට භාවිත කළ හැක. එබැවින් එම ගැට පුහුණු වීමෙන් බාලදක්ෂයකුට ඕනෑම අවස්ථාවකදී එය භාවිතයට ගත හැකිවනු ඇත.

දින පොත