ජාතික කබෝරියට සූදානම් වෙමු

2024 මැයි මස 07 ප.ව. 12:56 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂයින් වසර හතරකට වරක් එකම ස්ථානයකට රුස්කොට පවත්වන කඳවුර  ජාතික කබෝරිය නම් වේ. දොළොස් වැනි ජාතික කබෝරිය පැවැත්වීමට බාලදක්ෂ මූලස්ථානය  කටයුතු යොදා ඇත. එය පැවැත්වෙන්නේ සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මැතිනියගේ සංවිධායකත්වය හා උපදේශකත්වය යටතේය.

දිනය සහ ස්ථානය
දොළොස්වැනි ජාතික කබෝරිය 2019 අප්‍රේල් 6–8 දක්වා ගම්පහ බාලදක්ෂ දිසාවේ වේයන්ගොඩ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත්වීමට නියමිතය. පූර්ණ කාලීනව කඳවුරැ බැඳීමට පෝතක බාලදක්ෂයින් හය දහසකට මෙහි දී අවස්ථාව සැලසේ.
ලෝකඩ පදක්කම අනිවාර්යයි
ලෝකඩ පදක්කම සමත් පෝතක බාලදක්ෂයෝ පමණක් ජාතික කබෝරියට තෝරා ගැනෙති. ඒ අනුව සෑම දිසා සංගමයකම ලෝකඩ තරැව සමත් පෝතක බාලදක්ෂ සංඛ්‍යාව සඳහන් කොට සහභාගි වන පෝතක බාලදක්ෂ ආකේලාවරැන්ගේ නාම ලේඛනය ජාතික බාලදක්ෂ මූලස්ථානයට භාරදිය යුතුය. අයදුම්පත් භාර දීමේ අවසාන දිනය 2019 ජනවාරි 20 වැනිදා ය.

ඔබේ කණ්ඩායම් සූදානම් කරගන්න
පෝතක බාලදක්ෂයින් දස දෙනෙකුට (10)  එක් පෝතක බාලදක්ෂ ආචාර්යවරියක හෝ ආචාර්යවරයකු බැගින් සිටීම අනිවාර්ය කොට ඇත. එයට මාපියන් අතරින් තෝරා නොගත යුතුය. කණ්ඩායම් නාම ලේඛන විදුහල්පතිතුමා සහ දිසා කොමසාරිස්තුමා අනුමත කර තිබිය යුතුය. මවුපියන්ගෙන් ලබාගත් අවසර ලිපි වෙනම ගොනු කර තිබිය යුතු අතර ලිපි ගොනුව කණ්ඩායම් භාර ආකේලා ළඟ තිබිය යුතුය.
පෝතක බාලදක්ෂයාගේ සෞඛ්‍ය තත්ත්වය
සංවිධායකයෝ පෝතක බාලදක්ෂයන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වෙති. පෝතක බාලදක්ෂ ගැහැනු කණ්ඩායම් භාරව පෝතක බාලදක්ෂ පුහුණු ආචාර්යවරියන් පමණක් කටයුතු කළ යුතු බව ජාතික බාලදක්ෂ මූලස්ථානය නිකුත් කළ චක්‍ර ලේඛයේ දක්වා ඇත.


 

දින පොත