ප්‍රථම බාලදක්ෂ සන්නම් තානාපති බෙයා ග්‍රිල්

2024 මැයි මස 08 පෙ.ව. 06:31 - {{hitsCtrl.values.hits}}  

ලෝක බාලදක්ෂ සංගමය පසුගියදා බාලදක්ෂයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එනම් ලෝකයේ විසිරී සිටින බාලදක්ෂ සන්නම් තානාපතිවරැන් අතරින් ප්‍රධාන බාලදක්ෂ සන්නම් තානාපතිවරයකු පත් කිරීමයි. මෙවැන්නක් ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට ඓතිහාසික සිදුවීමකි. ඒ සඳහා තෝරාපත් කරගනු ලැබුවේ එංගලන්ත ප්‍රධාන බාලදක්ෂ බෙයා ග්‍රිල් මහතායි. ඩිස්කවරි රෑපවාහිනියේ පුරෝගාමී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු සහ එළිමහනේ ආරක්ෂිතව ජීවත්වීමේ කලාව ප්‍රගුණ කරන පුරෝගාමියකු වන බෙයා ග්‍රිල් මහතා කීර්ති නාමයක් ගොඩනගා ගත්තේ තමා ලද බාලදක්ෂ දැනුමින් බව පවසයි.
ලෝක බාලදක්ෂ සංගමයත්, ලෝක බාලදක්ෂ ලාංඡනයත් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛයා ලෙස මා වෙත පවරන ලද වගකීම මට ගෞරවයක්. මා ලබාගත් බාලදක්ෂ දැනුම ළමයාට ගෙන යන්නේ කෙසේ දැයි දැන් මා කල්පනා කරනවා. එය ලෝක මට්ටමින් කළ යුතු දෙයක්. ධනාත්මක සිතුවිලිවලින් බාලදක්ෂයාගේ මනස පෝෂණය කළ යුතුයි. බාධක ජය ගනිමින් ජීවිතය ජය ගැනීමට බාලදක්ෂ පුරෝගාමී දැනුමේ සාරය ප්‍රයෝජනයට ගත යුතුයි. ලෝකයේ ඕනෑම රටක, ඕනෑම සමාජයක ජීවත්වෙන දරැවෙකුට එය කළ හැකියි. ඒ සඳහා කළ යුතු වෙන්නෙ නව ශිල්ප ක්‍රම ඉගෙන ගැනීමත්, ලබාගත් දැනුම භාවිතයට ගැනීමත් පමණයි*. ලෝක බාලදක්ෂ සන්නම් තානාපති බෙයා ග්‍රිල් මහතාගේ අදහස් ඔබගේ බාලදක්ෂ දිවියට එකතු කරගනිමින් ඒවා අත්හදා බලන්නට උදා වූ නව වසරේ අවස්ථාවක් ලැබේවායි විජය බාලදක්ෂ කඳවුරින් සුබ පැතුම් එකතු කරමු.

 

දින පොත