ලණුවක අග්ගිස්ස වෙළමු

2024 මැයි මස 03 ප.ව. 08:55 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ එළිමහන් ක්‍රියාකාරකම්වල දී ලණු හා කඹ භාවිත කරයි. ලණුවක් ප්‍රයෝජනයට ගැනීමට පෙර ඒ සඳහා කළ යුතු පිළියම් ඇත. ඒ අතර ලණුවේ අග වෙළීම අනිවාර්ය වෙයි. එයට බාලදක්ෂ විෂය නිර්දේශයේ තුළ වෙළුම් කිහිපයක් හඳුන්වා දී ඇත. මෙහි දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්ය.
සාමාන්‍ය ක්‍රමයට ලණුවක අග වෙළීම
මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ ලණු හෝ තේඩා ලණු අග වෙළීම සඳහායි. කොහු ලණු කැබැල්ලක් ගෙන මෙහි දැක්වෙන පියවර අනුගමනය කිරීමෙන් සාමාන්‍ය ක්‍රමයට ලණුවක අග වෙළිය හැකිය.
සංකීර්ණ ලණු අග වෙළීම
මහතින් වැඩි කඹ සඳහා ලණු අග වෙළීම ඉහත පරිදි නොකළ යුතු ය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සංකීර්න ලණු අග වෙළීමයි. මහතින් වැඩි මැනිලා කඹ සහ සෙයිසලා කඹ සඳහා යොදන සංකීර්ණ ලණු අග වෙළීම මේ අයුරින් යෙදිය යුතු ය.
ඒ සඳහා ශක්තිමත් හන නූල් සහ ගෝනි මසන විශාල ඉදිකටුවක් භාවිත කළ යුතුය. ළඟින් ළඟ වෙළන ලද හන නූල කෙළවරට ගෝනි ඉදිකටුව අමුණා කඹයේ දඟර අතරින් යැවීමෙන් පසු කඹ අග වෙළීම නිමාවට පත්කළ හැකිය. ඒ සඳහා මෙහි දැක්වෙන පියවර අනුගමනය කළ යුතුය.


සැ.යු.
තෝරා ගන්නා හණ නූල් දිරාපත් වී ඇත්නම් කඹ අග වෙළීම අසාර්ථක විය හැකිය.

දින පොත