ලෝක ජම්බෝරියට යන අපේ බාලදක්ෂයෝ ජනපති හමුවෙති

2024 අප්‍රේල් මස 28 ප.ව. 11:59 - {{hitsCtrl.values.hits}}  

ඇමරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම විදෙස් ගත වීමට පෙර “ජාතික ධජය පිළිගැන්වීමේ* නිල උත්සවයට සහභාගි විය. 
එය ප්‍රධාන බාලදක්ෂ තුමන් වන අතිගරැ ජනපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී පැවතිණි. 
එම උත්සව සඳහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක, ශ්‍රී ලංකා කණ්ඩායම භාර නායක ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ ඇතුළු බාලදක්ෂයින් සියයක් මීට සහභාගි වූහ. 
බාලදක්ෂයින් ඇමතූ ප්‍රධාන බාලදක්ෂතුමන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ගෞරවය හා කීර්ති නාමය ආරක්ෂා වන අයුරින් විදේශීය බාලදක්ෂයින් සමග කටයුතු කළ යුතු බවත්, එහිදී ලබාගන්නා අත්දැකීම් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ සහෝදර බාලදක්ෂයින් වෙතද ලබාදිය යුතු බවත්ය. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරෑප කිහිපයක්ය.

දින පොත