සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණු වෙන්න

2024 මැයි මස 07 ප.ව. 10:00 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂයා සොම්නස් සහගත අයකු විය යුතු බව බාලදක්ෂ නීතියෙහි දක්වා ඇත. එම නිසා සෑම බාලදක්ෂයකුම සතුටින් සිටිය යුතුය. බාලදක්ෂ කඳවුරක දී සතුට බෙදාගත හැකි පහසුම ක්‍රමයක් ඇත. ගීත ගායනයට සහ සංගීත භාණ්ඩ වාදනය කිරීමට පුහුණුවීම ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකිය.
විවේකයෙන් සිටින ඕනෑම අවස්ථාවක ගීතයක් ගයමින් විනෝද වීමේ නිදහස බාලදක්ෂ කඳවුරක ඇත. මෙම ඡායාරෑපයේ සිටින්නේ නෝර්වේ රටේ ජීවත්වන බාලදක්ෂ බාලිකාවකි. ඇය පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පැවති දිසා බාලදක්ෂ කඳවුරට සහභාගි වූවාය. ඇගේ ගමන් මල්ලට අමතරව ඇය විසින්ම නිර්මාණය කරගත් කඳවුරැ ගිටාරය ඇය යන යන තැන රුගෙන යන බව විජය බාලදක්ෂ කඳවුරට පැවසුවාය.
ඇත්ත වශයෙන්ම බාලදක්ෂ කඳවුරක දී සතුටින් කාලය ගෙවා දැමීමට මගේ ගිටාරය මට උදවු වෙනවා. මම කවදාවත් ගිටාරය වාදනය කරන්න ඉගෙන ගන්න පංතියකට ගිහින් නැහැ. ඒත් මට ඒක වාදනය කරන්න පුළුවන්. ඒ හැකියාව මට ලැබුණෙ මම පුංචි කාලෙදිමයි. බාලදක්ෂ කණ්ඩායමේ යහළුවන් එක්ක ලැබෙන හැම වෙලාවකම ගීත ගායනා කළා. පාසල් යන කාලේ හදපු ගිටාරය අදත් මම බාලදක්ෂ කඳවුරැවලට අරනෙ යන්නෙ හරිම ආසාවෙන්. එහෙම ගතකරන හැම තත්පරයක දීම මට මගේ පුංචි කාලෙ මතක් වෙනවා. දන්නෙම නැතුව මා මගේ පුංචි කාලයට ගමන් කරනවා. ඒ ලබන අත්දැකීම තවත් බාලදක්ෂයින් සමග බෙදාගත්තම හදවතට දැනෙන්නෙ ලොකු සතුටක්.
බාලදක්ෂ ඔබටත් අද සිටම සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, තාලයට ගීතයක් ගායනා කිරීම, බාලදක්ෂ ගීතයකට තනුවක් නිර්මාණය කිරීම වැනි නිර්මාණශීලී අත්හදා බැලීම් සිදුකළ හැකි නම් එය පෞද්ගලිකව ඔබට මෙන්ම කඳවුරේ බාලදක්ෂයින්ගේ රසවින්දනයටත් ඉවහල් වනු ඇත.


 

දින පොත