ස්ටීවන්ස් දිනය අත ළඟයි

2024 අප්‍රේල් මස 28 ප.ව. 03:20 - {{hitsCtrl.values.hits}}  

දේශීය දරැවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීමේ පුරෝගාමීයා වනුයේ  එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමා කළ ජාතික මෙහෙවර අගයන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ සෑම වසරකම ජුනි මාසයේ දෙවැනි සෙනසුරාදා ස්ටීවන්ස් දිනය සමරති. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කරන ලද්දේ 1912 වසරේ දීය. එහිදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලද්දේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ මාතලේ දිසා ඉංජිනේරැ පදවිය දැරෑ ඉංග්‍රීසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතායි. 
මාතලේ තම නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විදුහල තුළ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කිරීමට එතුමා තීරණය කළේය. 
එවකට ක්‍රිස්තුදේව විදුහලේ විදුහල්පති ඩී.ඒ.ජයසිංහ මහතාගේ පූර්ණ අවසරය හා අනුග්‍රහය ස්ටීවන්ස් මහතා වෙත ලැබුණි. 
පාසල් දරැ දැරියන් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව දැනුම්වත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දරැවන් කිහිප දෙනෙක් බාලදක්ෂයින් වීමට කැමැත්ත පළ කළහ.
ඒ අනුව, ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී.කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම් බ්ඩීන් සහ පීටර් බෝලින් යන සිංහල දමිළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන්ට අයත් සිසුන් 08 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ. 

 

දින පොත