“සීරෝ වේස්ට්* 2019 ගැනයි

2024 මැයි මස 02 පෙ.ව. 09:02 - {{hitsCtrl.values.hits}}  

ගෘහාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය හඳුන්වා දෙයි. සමස්ත ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් ඒ සඳහා සක්‍රීයව දායකත්වය ලබා දිය යුතුව ඇත.
 ජාතික වැඩසටහන නොවැම්බර් මස 1,2,3 යන දිනයන් හි ක්‍රියාත්මක වෙයි. මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනුයේ ලෝක බාලදක්ෂ සංගමය සහ “සාමයේ පණිවිඩකරැවා* වැඩසටහනයි. ඒ සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙළ හඳුන්වා දෙමින් බාලදක්ෂ දිස්ත්‍රික් තිස් හත සඳහා ජාතික සංවිධායකවරැ පත්කරන ලදී.
ඔබත් සක්‍රීයව 
දායක වෙන්න

බාලදක්ෂ ඔබ අයත් වන දිසා බාලදක්ෂ සංගමයේ වැඩසටහන සඳහා බාලදක්ෂ ආචාර්යවරයාගේ මග පෙන්වීම මත සහභාගී විය යුතුය. ඒ සඳහා “5R සංකල්පය* ක්‍රියාත්මක කළ යුතුව ඇත.
5R සංකල්පය හඳුනා ගනිමු
අප ජීවත්වන පරිසරයේ ඇති අපද්‍රව්‍ය වර්ග දෙකක් ඇත. එනම් දිරායන අපද්‍රව්‍ය සහ නොදිරන අපද්‍රව්‍යයි. නිවසේ දී ඉවතලන ආහාර, මුළුතැන්ගෙයින් ඉවත් කරන ආහාර කොටස්, ගෙවත්තේ අතුගා එකතුවන කොළ රොඩු ආදිය දිරාපත් වෙයි. ඒවා “දිරාපත් වන අපද්‍රව්‍ය* ලෙස හැඳින්විය හැක.
ඉවතලන පොලිතීන්, ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරැ කැබලි, පරිගණක උපාංග, විද්‍යුත් උපාංග ආදී තවත් බොහෝ කසළ දිරාපත් නොවෙයි. එවැනි වූ කසළ “නොදිරන අපද්‍රව්‍ය* ලෙස හඳුනාගනු ලබයි. බාලදක්ෂයින් “Zero Waste* වැඩසටහනට එකතු විය යුත්තේ මේ අයුරින්ය. ඒ සඳහා ඔබ 5R සංකල්පය අනුගමනය කළ යුතු වෙයි. එසේ කිරීමෙන් නොදිරන අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම වළක්වා ගත හැක. 

අවකරණය 
Redus

පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් උපාංග සහ ඉවතලන පරිගණක උපාංග, වීදුරැ කැබලි ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය භාවිතයට ගැනීම අවම කිරීම බාලදක්ෂ ඔබට කළ හැකි දෙයක්ය. ඒ සඳහා ඇති වෙනත් විකල්ප ක්‍රම සහ අවස්ථා සොයා බලා ඔබ අවට සිටින පිරිස දැනුම්වත් කළ හැක.
නැවත භාවිතයට ගැනීම Re Use
 එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනයට ගන්නා නොදිරන ද්‍රව්‍ය අනුසාරයෙන් සකසා ඇති බොහෝ දේ හැකි උපරිමයෙන් භාවිත කිරීමට උනන්දු විය යුතුය. සකසුරැවම් බව පුරැදු පුහුණු කළ බාලදක්ෂයා හට එය සිදුකළ හැක. එමෙන්ම අරපිරිමැස්මෙන් එසේ සිදුකරන ආකාරය තමන්ගේ අසල සිටින යහළුවන්ට කියාදිය හැක.
ප්‍රතිචක්‍රීකරණය Recycle
නොදිරන කසළ එකතු කර පිළිවෙළකට වර්ග කර ඒවා වෙන වෙනම මලුවල බහා නගර සභාවේ හෝ ප්‍රාදේශිය සභාවේ කුණු එකතු කරන රථයට භාරදිය හැක. බාලදක්ෂ ඔබ සිටින ප්‍රදේශයේ පුරවැසියන් හටද එසේ කිරීමට පුරැදු කළ හැක. දිරාපත් වන කසළ ගෙවත්තේ කොම්පෝස්ට් පොහොර සාදා ගැනීමට යොදා ගත හැක.
බාලදක්ෂ කඳවුර තුළ ඉදිකරන “තෙත වළ සහ වියළි වළ* මේ සඳහා යොදා ගත හැක. එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුම්වත් කළ හැක.

ප්‍රතික්ෂේප කිරීම  Refuse
ඔබට අනවශ්‍ය කසළ නිවසට ගෙන යාමෙන් වළකින්න. බාලදක්ෂ ඔබ භාවිත කරන ගමන් මල්ලේ ඔබට අවශ්‍ය දේ රුගෙන යා හැක. වෙළඳපළේ දී ලැබෙන පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඇසුරැම් ආදී දේ වෙළඳපළේදීම ප්‍රතික්ෂේප කළ හැක. මිලදී ගන්නා වු භාණ්ඩය ඔබගේ ගමන් මල්ලේ රුගෙන ඒමට පුරැදු වන්න. එම ගමන් මල්ල බාලදක්ෂ ශිල්පීය ක්‍රමයකට නිර්මාණශීලීව සකසා ගන්න.
ප්‍රතිසං‘ස්කරණය Reform
නොදිරන කසළ වෙනත් අයුරකින් ප්‍රයෝජනයට ගැනීමට බාලදක්ෂ ඔබට උත්සාහ කළ හැක. නිදසුනක් ලෙස ප්ලාස්ටික් වතුර බෝතල් තුළ පැළෑටි රෝපණය කිරීම, කඳවුරැ වතුර පෙරණයක් සැකසීම, ප්ලාස්ටික් වතුර බෝතල් එකතු කර මුහුදු බාලදක්ෂ ක්‍රියාකාරකම් සඳහා ඔරැවක් සැකසීම සිදුකළ හැක.
සීරෝ වේස්ට් වාර්තාව සකසන්න
ගෘහාශ්‍රිතව භාවිත වන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික වැඩසටහන සඳහා සහභාගී වන බාලදක්ෂයින් හට ශ්‍රී     ලංකා බාලදක්ෂ සංගමය “සීරෝ වේස්ට් ව්‍යාපෘති වාර්තා අත්පොත* නොමිලේ ලබා දී ඇත. එය ඔබගේ දිසා බාලදක්ෂ සංගමය නියෝජනය කරනු ලබන සාමයේ පණිවිඩකරැගෙන් ලබාගත හැක.

චමින්ද වාරියප්පෙරැම
 

දින පොත