බාලදක්ෂ ව්‍යාපාරය ජීවිතය දිනන අභියෝග ජය ගැනීමට පිටිවහලක් - ජනපති මෛත්‍රී

2024 මැයි මස 12 පෙ.ව. 11:20 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන්ට ලබාගතහැකි උසස්ම පදක්කම වන ජනාධිපති බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (20දා) පෙරවරුවේ මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ දී පැවැත්විණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබි අඩවිය විවෘත කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින ශිෂ්‍යයින්ට සිය සුබපැතුම් එක් කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේ ය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වී ය.

නේපාලයේ "K2 කඳුවැටිය" තරණය කිරීමට පසුගියදා එක් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපතිතුමා දැක්වූ අනුග්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිතුමා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීම ද සිදු කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරන බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් මීට එක්ව සිටියහ.

දින පොත