කුස්සි උපකරණ ලීයෙන් හදමු

2024 අප්‍රේල් මස 26 ප.ව. 02:33 - {{hitsCtrl.values.hits}}  

එළිමහන් බාලදක්ෂ කඳවුරකට සහභාගි වන බාලදක්ෂයින් තම කාලීන අවශ්‍යතා වෙනුවෙන් “කාලීන උපකරණ” නිර්මාණය කරති. එය කඳවුරැ බැඳීම පහසු වීම උදෙසාම බාලදක්ෂයින් අතර භාවිතයේ ඇත. කඳවුරැ දොරටු, ඇඳ පුටු මේස ආදී වශයෙන් බාලදක්ෂයින්ගේ අවධානය කාලීන උපකරණ වෙත අවධානය යොමු වුවද මුළුතැන්ගෙයි උපකරණ සඳහා එම අවධානය යොමු වී නැත. මෙම රෑපය හොඳින් නිරීක්ෂණය කරන්න. මුළුතැන්ගෙයි පරිහරණය කරන බොහෝ උපකරණ මෙහි ඇත. ඒවා නිර්මාණය කර ඇත්තේ ලීයෙන්ය. ඔබ සහභාගි වෙන එළිමහන් බාලදක්ෂ කඳවුරේ මුළුතැන්ගෙදරට මෙවැනි ලී උපකරණ කිහිපයක් හෝ නිර්මාණය කළ හැකි නම් එය කඳවුරැ පරීක්ෂණයේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හේතු වනු ඇත.

දින පොත