Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළිමහන් කඳවුරකට සහභාගී වන කඳවුරැ කරැවන් තම කඳවුරැ භූමිය ක්ෂේම භූමියක් බවට පත්කර ගත යුතුය. එයට ඔබ එළිමහනේ ජීවත් වීමෙන් ලැබූ දැනුම ප්‍රයෝජනවත් වෙයි. මෙහි දැක්වෙන්නේ එළිමහන් කඳවුරක සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරගන්නා අන්දමයි.

කූඩාරම ස්ථානගත කරන්න
සුළං හමන දිසාව හා හිරැ එළිය වැටෙන දිසාව ගැන සැලකිලිමත් වී කූඩාරම් පිහිටුවිය යුතුය. කූඩාරමේ පියස්සෙන් බේරී වැටෙන ජලය ක්‍රමානුකූලව කඳවුරැ බිමෙන් ගලා බැස යා යුතුය.
කඳවුරේ උදුන් සහ ලිප් සකස් කිරීම
කුසගින්නෙන් ආරක්ෂා වීමට කඳවුරැකරැවන් හොඳින් ආහාර ගත යුතුය. පහසුවෙන් ආහාර පිසීමේ ක්‍රම බාලදක්ෂයෝ දනිති. ඒ සඳහා සුදුසු උදුන් සහ ලිප් කඳවුරේ ඉදිකරති. ආහාර පිසීමට ඔබ තෝරාගත් ක්‍රමය ඔබගේ කූඩාරම පිටුපසින් ස්ථානගත විය යුතුය. ගෑස් ලිප් වෙනුවට දර ලිප් භාවිත කිරීමට උනන්දු වී ඔබ ඉගෙන ගත් &පුරෝගාමී දැනුම* කඳවුරේ දී අත්හදා බැලිය හැකිය.
මුළුතැන්ගෙයක් ඉදිකිරීම
ආහාර පිරිසුදුව පිළියෙල කිරීමටත් ඒවා පිරිසුදුව ගබඩා කර තැබීමටත් හැකි අයුරින් මුළුතැන්ගෙය ඉදිකළ යුතුය. මුළුතැන්ගෙය නොතෙමෙන සේ පියස්සකින් ආවරණය වී තිබිය යුතුය. අමු ආහාර ද්‍රව්‍ය, එළවළු, කුළුඩබු නොතෙමෙන ලෙස රාක්කවල පිළිවෙලකට ගබඩා කළ යුතුය.
දර මැස්සක් ඉදිකිරීම
විවිධ ප්‍රමාණයේ දර කඳවුරැ මුළුතැන්ගෙය අසල සංචිත කළ යුතුය. කොටස් කළ දර නොතෙමී පියස්සකින් ආවරණය කර තැබීම බාලදක්ෂයිගේ වගකීමක් වනු ඇත.
කෑම මේසය
කඳවුරැකරැවන් ආහාර ගන්නේ එකටය. එය කඳවුරේ සමගියට හේතුවක් වෙයි. සාමාජිකයින් සෑම දෙනෙකුටම අසුන්ගෙන ආහාර අනුභව කිරීමට සුදුසු උසකින් යුත් කෑම මේසයක් කඳවුරැ භූමියේ තිබිය යුතුය. එය ශක්තිමත් ලී දඬු යොදා නොසෙල්වෙන සේ නිමකරන ලද්දක් විය යුතුය. අව්ව නොවැටෙන සේ කෑම මේසයට ඉහළින් පියස්සක් ඉදි කිරීමට බාලදක්ෂයින් කටයුතු කළ යුතුය.
කඳවුරැ වැට
කඳවුරැ භූමිය උදේ දවල් සවස පිරිසුදු කළ යුතුය. පිරිසිදුභාවය ආරක්ෂා කර ගත යුතු සීමාවක් තිබිය යුතුය. ඒ සඳහා බාලදක්ෂ ආචාර්යවරයාගේ උපදෙස් ගෙන කඳවුරැ භූමිය වටා තාවකාලික වැටක් ඉදිකළ යුතුය.
කඳවුරැ දොරටුව
බාලදක්ෂ කඳවුරකට ප්‍රවේශ වෙන ප්‍රධාන දොරටුව ආකර්ෂණීය විය යුතුය. ඒ සඳහා ඔබ ඉගෙන ගත් බාලදක්ෂ ශිල්පීය ක්‍රම භාවිත කළ හැක. බාලදක්ෂ ගැට, බැමි ඇසුරින් ඉදිකළ හැකි සුවිසල් මුර අට්ටාලයක් සහිත කඳවුරැ දොරටුවකින් එළිමහන් කඳවුරකට ප්‍රෞඪත්වයක් එකතු වෙයි. එහෙත්, ඒ සඳහා ගත කළ යුතු කාලය ශ්‍රමය මැනවින් කළමනාකරණය කිරීමට බාලදක්ෂ නායකයා බාලදක්ෂයින් හට උපදෙස් දිය යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.