Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවදානමට පෙර සූදානම
ක්‍රියාකාරකමට සහභාගී වන බාලදක්ෂයින් හිස් ආවරණ පැලඳීම අත්‍යවශ්‍යය. දුවන විට අඳින ඉණ ප්‍රදේශයේ මස්පිඩු මනාව ස්ථාවර කරන  ඇදෙනසුලු කොට කලිසමක් පිටතින් අඳින කොට කලිසමට යටින් ඇඳිය යුතුය. එමෙන්ම අත්වැසුම් පැලඳිය යුතුය. දෙපයේ ආරක්ෂාවට කැන්වස් සපත්තු කුට්ටමක් පැලඳිය හැක. ඉණ ප්‍රදේශයේ ඇති &හානසයේ* ගැටගසන ආරක්ෂක ලණුව කෘත්‍රිම ප්ලාස්ටික් ලණුවක් හෝ සිහින් ශක්තිමත් පොලියෙස්ටර් ලණුවක් හෝ විය යුතුය.
සුදුසු පරිසරයක්
මෙම අභ්‍යාසය සඳහා වඩාත් සුදුසු වන්නේ දළ බෑවුමක් සහිත පැතලි ගල් පෘෂ්ඨයක්ය. එවැනි පරිසරයක දී ක්‍රියාකාරකමෙහි ඇති අවදානම සහ අභියෝගය වඩාත් තීව්‍ර ලෙස සහභාගිවන්නාට දැනෙයි. එමෙන්ම පැතලි ගල් පෘෂ්ඨය මත අල්ලාගෙන ඉහළට නැගිය හැකි පර්වතයෙන් ඉදිරියට නෙරා ඇති ගැටිති ද වළවල් සහිත කඩතොලු ඇති ස්ථාන ද තිබේ දැයි පරීක්ෂා කළ යුතුය.

 

 

හානසය ඇඟ ලා ගැනීම
අභියෝගයට මුහුණ දිය හැක්කේ එක වරකට එක බාලදක්ෂයකුට පමණි. අනෙකුත් බාලදක්ෂයින් තමන්ගේ වාරය පැමිණෙන තෙක් නිශ්ශබ්දව සිටිය යුතුය. ක්‍රියාකාරකමට සහභාගි වන බාලදක්ෂයා හිස්වැසුම පැලඳීමෙන් පසු ඔහුගේ සිරැරට හානසය සවිකර ගත යුතුය. වෙළඳපළේ ඇති නිෂ්පාදනය කළ හානසයක් ඔබට නැතිනම් රෑපයේ දැක්වෙන පරිදි &  වියදමක් නැතිව හානසයක්* සකස් කරගත හැකිය. ඒ සඳහා ශක්තිමත් පැතලි කෘත්‍රිම ලණුවක් සොයා ගත යුතුය. ඉන් අනතුරැව රෑපයේ දැක්වෙන පියවර අනුගමනය කරමින් ඉණ සහ දෙකලව අතරින් ලණුවේ ක්‍රියාකාරී අන්ත යැවිය යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.