ආපදාවක දී ඊට මුහුණ දීමට බාලදක්ෂයා සූදානම් කළ යුතුයි !
- 2018-08-22 13:26:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක බාලදක්ෂ බියුරෝවේ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසන්න ග්‍රීවස්තාවා පෙන්වා දෙන්නේ වර්තමානයේ සමස්ත ලෝකයේම භූගෝලීය තත්ත්වයන්, කාලගුණික දේශගුණික විපර්යාසයන් අතීතයට වඩා වෙනස් වෙමින් පවතින බවයි. එබැවින් හදිසියේ ඇතිවන අධික වර්ෂාවක දී, සුළි කුණාටුවක දී, ගංවතුරක දී, නාය යාමක දී බාලදක්ෂයින් ක්‍රියාත්මක විය යුතු ආකාරය කලාපීය මට්ටමින් දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර වැඩසටහනක් පසුගියදා දකුණු කොරියාවේ දී පැවැත්විණ. එම සමුළුවට කලාපයේ සියලුම රටවල් නියෝජනය කරමින් බාලදක්ෂ ආචාර්යවරැන් සහභාගි වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කෑගල්ල බාලදක්ෂ දිසාවෙන් බාලදක්ෂ ආචාර්යවරැන් දෙදෙනෙක් තෝරා පත්කර ගැනුණි.
ප්‍රසන්න ග්‍රීවස්තාවා මහතා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ට ආපදා කළමනාකරණය පිළිබඳ විධිමත් හා පුළුල් අවබෝධයක් ලබා දිය යුතුව ඇත. එයට හේතුව ශ්‍රී ලංකාව තුළ නිරන්තරයෙන් ආපදා තත්ත්ව ඇති වීමයි. එබැවින් ජාතික වැඩසටහනක් නිර්මාණය කළ යුතුව ඇත.
ආපදාවකට මුහුණ දුන් මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බාලදක්ෂයාට උපකාර කළ නොහැකියි. එහෙත් ආපදාවට පත් මිනිසුන්ට ඔවුන්ගෙන් ගිලිහී ගිය පෞරැෂය ගොඩනගා ගැනීමට බාලදක්ෂයාට ඉදිරිපත් විය හැකි බව ඔහු පෙන්වා දෙයි. යම් ආපදාවකින් පසු අවම වශයෙන් මාස හයක කාලයක් විවිධ අවස්ථාවල දී අදාළ ප්‍රදේශයන්හි මිනිසුන් වෙනුවෙන් ස්වේච්ඡා වැඩසටහනක් දියත් කළ හැකි නම් එහි ප්‍රතිඵලය සමාජයට හිතකර වෙයි. අසරණ වූ දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ගොඩනැංවීම, කඩා වැටුණ ළමා මනස යථා තත්ත්වයට පත්කිරීම, අහිංසක අසරණ දූ පුතුන් සතුටින් තැබිය හැකි බාලදක්ෂ ක්‍රියාකාරකම් සිදු කිරීම ප්‍රතිඵලදායක බව පෙන්වා දෙයි. කාර්යබහුල සමාජයක මෙවැනි කැපකිරීම් අපහසු වුවද බාලදක්ෂයින් අපි ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව ආපදා කළමනාකරණ කලාපීය සමුළුවට සහභාගී වූ සාමාජික සාමාජිකාවන්ගේ පොදු මතය විය.
Reply To:
Name - Reply Comment
0 Comments