ඇදෙන ලණු දෙපසට මැනවින් අදිමු
- 2019-12-06 10:02:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් කටයුතුවල දී ලණුවක් හෝ කඹයක් දෙපසට මැනවින් අදින අවස්ථා ඇත. එය හඳුන්වන්නේ “ලණුව ටෙන්ෂන් කිරීම* යන නමින්ය. ඇදෙන ලණු දෙපසට මැනවින් අදින විට මෙහි දැක්වෙන ක්‍රමය යොදා ගත හැක.
ඒ සඳහා ශක්තිමත් ලී කෝටු කැබැල්ලක් භාවිත කළ යුතුය. ඒ සඳහා පේර කෝටු හෝ කෝපි කෝටු වඩාත් සුදුසුය. රෑපයේ දැක්වෙන අයුරින් ලණුව මත කෝටු කැබැල්ල තබා ක්‍රමානුකූලව දඟකැවිය යුතුය.
අවශ්‍ය පමණට ලණුව ඇදුන පසු කෝටු කැබැල්ල කඹය මත තබා මැනවින් ගැට ගැසිය යුතුය. මෙම ක්‍රමය එළිමහන් බාලදක්ෂ කඳවුරක ඉදිවන කාලීන උපකරණ සඳහා ලී කොටස් සන්ධි කිරීමට ද යොදා ගත හැක. එසේ කිරීමෙන් ගැට ගැසීමට යන කාලය ඉතිරි කර ගත හැක.
සැ : යු :
• ශක්තිමත් ලණු භාවිත කිරීම අත්‍යාවශ්‍ය වෙයි.
• ශක්තිමත් ලී දඬු යොදා ගත යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments