ඉහළ මහලක රෝගියකු පහළට ගන්නේ මෙහෙමයි
- 2019-11-27 13:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්මන් පුරෝගාමී උපකරණ හඳුන්වා දෙන මෙම ලිපිය ඉතා වැදගත් තැනක් ගනී. බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගි විය යුතුය. එය පෙරහුරැ අභ්‍යාස කිහිපයකින් පසු ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකිය.
සෝපාන අක්‍රීය වූ අවස්ථාවක
මෙහිදී සලකා බැලෙන්නේ ගොඩනැගිල්ලක ඉහළ මහලක හිර වී සිටින රෝගියකු ආරක්ෂිතව බිම් මහලේ ඇති ගිලන් රථය වෙත රුගෙන එන ආකාරයයි.
අධික දුමාරයක්, තාපයක් ඇති අවස්ථාවක ගොඩනැගිල්ලේ තරප්පු පේළිය අවහිර වූ විටක සෝපාන අක්‍රීය වූ අවස්ථාවක මෙම ක්‍රමය භාවිත කළ හැකිය. මෙය සංකීර්ණ අවස්ථාවක් බැවින් බාලදක්ෂ ආචාර්යවරයාගේ උපදෙස් හා අනුශාසනා මත පෙරහුරැ අභ්‍යාස සිදුකළ යුතුය.
අභ්‍යාසය පෙර
පුහුණු වීම
ගොඩනැගිලි දෙකක ඉහළ මහල්වල සිට මෙම අභ්‍යාසය පුහුණු විය යුතුය. ඒ සඳහා නූතන කඳු නගින්නන් භාවිත කරන ශක්තිමත් කෘත්‍රිම කඹ 4 ක්, රෝගියකු රුගෙන යන ආරක්ෂිත බහාලනයක් සහ ප්‍රථමාධාරකරැවන් 5 දෙනෙකු සිටිය යුතුය.
ප්‍රධාන කප්පි පද්ධතිය
කප්පි තුනකින් යුතු කැරබයිනර් තුනක් සහිත ප්‍රධාන කප්පි පද්ධතිය ලිහිසි තෙල් යොදා ඒවායේ නිසි ක්‍රියාකාරීත්වය තහවුරැ කිරීම මුලින්ම කළ යුතුය. ආරක්ෂිත බහාලනයට සම්බන්ධ කළ කප්පිය ද ඒ අයුරින්ම ලිහිසි තෙල් යොදා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය.
කෘත්‍රිම කඹ ගැට ගැසීම
මෙම රෑපයේ දැක්වෙන ආකාරයට ලණු පොටවල් කප්පි පද්ධතිය හරහා ගමන් කරවා ඒවායේ ක්‍රියාකාරී අන්ත එකිනෙකට මුහුණලා ඇති ගොඩනැගිලි දෙකෙහි උඩු මහලේ සිටින ප්‍රථමාධාරකරැවන්ට ලබා දිය යුතුය.
මෙහිදී වඩාත් ප්‍රායෝගික වන්නේ කෘත්‍රිම කඹය බැගින් ප්‍රථමාධාරකරැවන් ලබා දී ඔවුන් ගොඩනැගිලි උඩුමහලට පිටත් කර යැවීමය. ඉන්පසු නිවැරදිව ස්ථානගත වූ පසු කෘත්‍රිම කඹ ක්‍රියාකාරී අන්ත බිම් මහල අසල සිටින ප්‍රථමාධාරකරැ ළඟට ලත යුතුයි.
රෑපයේ පරිදි ගොඩනැගිලි දෙකෙහි ඉහළ මහලේවල සිටින ප්‍රථමාධාර කරැවන් තමන්ගේ කෘත්‍රිම ලණු ස්ථාන 4 කදී ගැටගැසිය යුතුය.
පළමු නිරීක්ෂණ අභ්‍යාසය
ඉහළ මහලේ සිටින රෝගියා එක්වරම ආරක්ෂිත බහාලනයට නොගෙන කෘත්‍රිම ලණු පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය.
ඒ සඳහා කළ යුත්තේ පහළ සිටින ප්‍රථමාධාරකරැ ප්‍රධාන කප්පි පද්ධතිය හරහා ඉහළට ගැනීමය. (රෑපයේ පරිදි කෘත්‍රිම ලණු නිවැරදිව ස්ථානගත වූ විට ඉතා පහසුවෙන් ඇටවුම ක්‍රියාත්මක වෙයි.)
දෙවැනි නිරීක්ෂණ අභ්‍යාසය
මැනවින් ක්‍රියා කරන ඇටවුමින් රෝගියා ඉහළ සිට පහළට රුගෙන ආ යුතුය. අනවශ්‍ය කලබලයකින් කෑ ගසමින් ඝෝෂා නොකිරීමට ප්‍රථමාධාරකරැවන් වග බලා ගත යුතුය.
ඒ සඳහා අත්දැකීම් ඇති එක් ප්‍රථමාධාරකරැවකු උපදෙස් දිය යුතුය. ඔහුගේ විධානයන් වෙත සියලුම ප්‍රථමාධාරකරැවන් ප්‍රතිචාර දැක්විය යුතුය.
ප්‍රථමාධාරකරැවන් දෙදෙනෙකු සිටින අවස්ථාවක දී
ඉහළ මහලක සිටින රෝගියකු පහළට රුගෙන ආ යුතු අවස්ථාවක අත් උදවුකරැවන් සොයා ගත නොහැකි නම් ප්‍රථමාධාරකරැවන් දෙදෙනෙකු පමණක් සිටී නම් මෙම ක්‍රමය යොදා ගත හැකිය.
වගකීම බෙදා ගැනීම
ප්‍රථමාධාරකරැවන් දෙදෙනා තම වගකීම කොටස් දෙකකින් ඉෂ්ට කළ යුතුය. එහිදී බිම් මහලේ සිටින ප්‍රථමාධාරකරැ ආරක්ෂිත බහාලනය සහ ප්‍රධාන කැරබයිනර් සන්ධි කළ යුතුය.
ඉහළ මහලේ සිටින ප්‍රථමාධාරකරැ ගොඩනැගිල්ලේ ඉහළ ස්ථාවර ස්ථානයක ප්‍රධාන කප්පි පද්ධතිය ගැට ගැසිය යුතුය. (කෘත්‍රිම ලණු ක්‍රියාකාරී අන්ත ඉහළ මහලේ සිට පහල සිටින ප්‍රථමාධාරකරැට සේන්දු කිරීමෙන් මූලික ඇටවුම සකස් කිරීමේ කාලය අඩු කළ හැක.)
සැ : යු :
මෙහිදී ද පළමු නිරීක්ෂණ අභ්‍යාසය කළ යුත්තේ රෝගියා නැතිවය.
Reply To:
Name - Reply Comment
0 Comments