Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ කඳවුරක දී කඳවුරැ දොරටු සහ කාලීන උපකරණ ඉදිකෙරේ. ඒ සඳහා විවිධ ලී දඬු භාවිත කරයි. වර්තමානය වන විට ඒ සඳහා උණ බම්බු භාවිත කරන ප්‍රවණතාවක් ඇත. උණ බම්බුව කෙටි කාලයක දී විනාශ වුවද කෙටි කාලීන උපකරණ සඳහා මනා නිමාවක් හා ශක්තියක් ලබාදෙයි. එමෙන්ම උණ බම්බුව හැසිරවීමට පහසුවන අතර කැපීමට, සන්ධි කිරීමට ද දැඩි ආයාසයක් ගත යුතු නැත. එම නිසා උණ බම්බු තාක්ෂණික ක්‍රමවේද සහිතව ප්‍රයෝජනයට ගන්නා ආකාරය මෙහි දක්වා ඇත. එය එළිමහන් බාලදක්ෂ කඳවුරක දී ප්‍රයෝජනවත් වනු ඇත. 

කට්ට කැපීමේ ක්‍රමය
ඔබ ළඟ ඇති උණ බම්බුව ඒ අයුරින්ම ප්‍රයෝජනයට නොගෙන අනවශ්‍ය කොටස් ඉවත්කර භාවිත කළ හැකිය. එසේ කිරීමෙන් උණ බම්බු දෙකක් සන්ධි වන ස්ථානය හොඳින් ස්පර්ශ වෙයි. ලිස්සා නොයයි. ගැටයක් හෝ බැම්මක් යෙදූ විට හොඳින් ස්ථාවර වෙයි. මෙහි දැක්වෙන රෑපයේ උණ බම්බුවක කට්ටයක් කපාගත යුතු ආකාරය පියවර කිහිපයකින් දක්වා ඇත. ඊට අමතරව උණ බම්බුවක් ආනතිකව ස්ථාවර කිරීමේ දී යොදන ආනතික කැපුම රෑපයේ දැක්වෙන පරිදි යෙදිය යුතුය.
සංකීර්ණ උණ බම්බු 
සන්ධි කිරීමේ ක්‍රම

උණ බම්බු හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකම තැනක දී හමුවන අවස්ථාවක දී මෙහි දැක්වෙන ක්‍රමයට උණ බම්බු ගැටගැසිය යුතුය. ඒ සඳහා හතරුස් බැම්ම, රවුම් බැම්ම හෝ කතුරැ බැම්ම භාවිත කළ හැකිය. රෑපයේ දැක්වෙන පරිදි ප්‍රධාන ක්‍රම හතරක් ඇත. ඉදිරිපස පෙනුමත් පැති පෙනුමත් මැනවින් අධ්‍යයනය කිරීමෙන් පසුකාලීන උපකරණ සඳහා අත්හදා බැලිය හැක. විශේෂයෙන්ම මුර අට්ටාල තට්ටු කිහිපයකින් සමන්විත කඳවුරැ දොරටු ඉදි කිරීමේ දී උණ බම්බු මේ අයුරින් ස්ථානගත කිරීමේ දී අදාළ කාලීන උපකරණයට මනා ශක්තියක් හා කල් පැවැත්මක් ආරෝපණය වෙයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.