Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ, බාලදක්ෂිකා එළිමහන් කඳවුරක් සාර්ථක කරගැනීමට අදාළ ප්‍රධාන කරැණු අටක් ඇත. කඳවුරට සහභාගි වන සෑම සාමාජිකයකුම ඒවා අනුගමනය කළ විට එය සාර්ථක වෙයි. එම කරැණු එකින් එක ඔබේ ජීවිතයට සමීප කර ගත්විට ඔබ සහභාගි වන එළිමහන් ඒවා, ප්‍රීතිමත් කඳවුරැ බවට පත් කර ගත හැකිය.
01.සරල බව රකින්න.
එළිමහන් කඳවුරක අවම පහසුකම් යටතේ කාලය ගෙවීම අසීරැ ය. එය බාලදක්ෂ, බාලදක්ෂිකා ඔබට අභියෝගයකි. එහෙත් එම අභියෝගය ඔබට ජය ගැනීමට &කඳවුරේ සරල දිවි පෙවෙත* මනා පිටුවහලක්ය. බාලදක්ෂ කණ්ඩායමේ සිටින &නවක බාලදක්ෂයින්* එළිමහන් කඳවුරැ සඳහා සහභාගී වන සෑම අවස්ථාවක දීම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් වයසින් බාල සහෝදර බාලදක්ෂයින් හට සහයෝගය ලබා දිය යුතුය. දින කිහිපයක් එළිමහන් කූඩාරමේ දිවිගෙවන කඳවුරැ කරැවාගේ එදිනෙදා සියලු කටයුතු තාවකාලික බැවින්, &කඳවුරැ දිවිය* ඉතා සරලව කාලයත් සමග ගෙවී යන අයුරින් සැලසුම් විය යුතුය.
02.පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගැනීම.
එළිමහනේ ජීවත්වීම පහසු කරගැනීමට බාලදක්ෂයා ඉගෙන ගත් පුරෝගාමී දැනුම ප්‍රයෝජනවත් වෙයි. එබැවින් ඔබ ඉගෙනගත් බාලදක්ෂ ගැට, බැමි, ලී දඬු ප්‍රයෝජනයට ගෙන සිදුකරන ක්‍රියාකාරකම් හැකිතාක් ප්‍රයෝජනයට ගත යුතුය. ඉතා ඉක්මනින් සකසා ගන්නා &හැමොක්& ඇඳක සුවසේ රාත්‍රිය ගත කිරීම සතුටකි. එමෙන්ම ඔබේ දෑතින් නිර්මාණය කරගත් පුටුවක වාඩි වී ඔබේම දෑතින් තනාගත් මේසය මත ඔබම සකස් කර ගත් ආහාර වේලක රස බැලීම.... බාලදක්ෂයකුට ළමා වියෙහිදී ලබා ගත හැකි මනරම් අත්දැකීමක්ය.
03.නිර්මාණශීලී බාලදක්ෂයකු වෙන්න.
ඔබගේ බාලදක්ෂ කණ්ඩායම වෙනත් බාලදක්ෂ කණ්ඩායමකින් වෙන් කර හඳුනාගැනීමට බොහෝ දේ කළ හැක. ඒ සඳහා ඔබ &නව නිර්මාණ* බාලදක්ෂ කඳවුරේදී අත්හදා බැලිය යුතුය. අලුත් ක්‍රමයකට කූඩාරමක් ඉදිකිරීම, ගිනි මෙලවීම සඳහා උදුනක් නව මුහුණුවරකින් සකස් කිරීම, ඔබට පහසුවෙන්ම කඳවුරක දී කළ හැක. කාලීන උපකරණයක් නව ආකෘතියකින් ඉදිකළ හැකිය. . ඔබ විසින් නිර්මාණය කරන ලද ගිනි මැල ගීතයක් ඔබේම හඬින් අලුත් තනුවක් යොදා ගායනා කළ හැක.
04.කාණ්ඩ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.
බාලදක්ෂ ක්‍රියාකාරකම් &කාණ්ඩ ක්‍රමය* මත ගොඩනැගී ඇත. ඔබ ඔබේ සහෝදර බාලදක්ෂයන් අටදෙනා සමග විනෝදයෙන් සිටින්න. සෑම විටම එකිනෙකාගේ අදහස් හුවමාරැ කරගන්න. &හොඳම අදහස* ක්‍රියාවට නංවන්න.
05.නායකත්වයට ගරැ කරන්න.
එළිමහන් කඳවුරකට සහභාගි වන ඔබට, බාලදක්ෂ නායක, කාණ්ඩ නායක, කාණ්ඩ උපනායක, ගබඩා පාලක, සේවානායක ආදීන්ගෙන් විවිධ නියෝග, නිවේදන ලැබෙනු ඇත. ඒවා ඔබ වෙත ලැබෙනුයේ කඳවුරේ &ඒකීය භාවය* රුක ගැනීම උදෙසාය. එබැවින් සෑම අවස්ථාවක දීම නායකයින් වෙතින් ලැබෙන නිවේදන ඒ අයුරින්ම පිළිපදින්න. කඳවුරේ සාර්ථකත්වය සඳහා ඔබට කළ හැකි නිහතමානී දායකත්වය එය වෙයි.
06.පරාර්ථකාමී වෙන්න.
එළිමහන් කඳවුරකදී බාලදක්ෂයින් ආහාර ගන්නේ එකටය. නින්දට යන්නේ එකටය. අවදි වන්නේද ඒ අයුරින්ය. කණ්ඩායමේ බාලදක්ෂයකු හට හිරිහැරයක්, අවැඩක් සිදුවූ වහාම ඔහුට පිහිටවීම සෑම බාලදක්ෂයකුගේ ම යුතුකමක්ය. එබැවින්  &පරාර්ථකාමී බාලදක්ෂයකු* ලෙස එළිමහන් කඳවුරක දී කටයුතු කළ යුතුය.
07.කඳවුරේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබන්න.
එළිමහන් කඳවුරක බාලදක්ෂයෝ කාල සටහනකට අනුව වැඩ කරති. කඩිසරව කඳවුරැ භූමිය තුළ කටයුතු කළ යුතුය. ඔබගේ උපරිම හැකියාව කඳවුරේ සාර්ථකත්වය වෙනුවෙන් ලබාදිය හැකි නම් ඔබ සහභාගී වෙන එළිමහන් කඳවුර ඉතා සාර්ථක එකක් වනු ඇත.
08.නිවැරදි උපදෙස් දෙන්න.
බාලදක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම් නායකයින් ....&කාණ්ඩ නායක සභාව* දිනපතා කැඳවිය යුතුය. නිවැරදි තීන්දු තීරණ සෙසු බාලදක්ෂයින්ට දැනුම් දිය යුතුය. මේ සඳහා බාලදක්ෂ ආචාරයවරයා ස්ථානෝචිතව කටයුතු කළ යුතුය.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.