කඳවුරේ ඉදල අලුත් ක්‍රමයකට හදමු
- 2019-05-28 23:03:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳවුරු බඳින බාලදක්ෂයින් තම කඳවුරැ භූමිය සෑම දිනක දීම පිරිසුදු කළ යුතු වෙයි. ඒ සඳහා සුදුසු ඉදලක් බාලදක්ෂ ක්‍රමයට සාදාගන්නා ආකාරය මෙහි දක්වා ඇත. මෙම ඉදල ඔබ එදිනෙදා භාවිත කරන ඉදලට වඩා වෙනස් හැඩයක් ගෙන ඇත. එමෙන්ම මෙය සැදීමට අමු අතු කැබැල්ලක් අවශ්‍ය වෙයි. එහි දිග අඩි පහක් වීම ප්‍රමාණවත්ය.
ප්‍රථමයෙන්ම අමු අතු කැබැල්ලේ පොත්ත ඉවත් කළ යුතුය. ඉන්පසු එක පැත්තක අඟල් 6ක පරතරයක් මැන සලකුණක් යොදා ගත යුතුය. අනතුරැව එතැන් සිට අඩි දෙකක් මැන කවාකාරව සලකුණු කර ඉදල සැදිය කළ යුතුය. මේ සඳහා බාලදක්ෂ පිහිය භාවිත කළ යුතුය.
රෑපයේ දැක්වෙන පරිදි ඉරටු කූරක ප්‍රමාණයේ මහතින් යුතු ලී කූරැ අඩි දෙකක් දිගට අමු අත්තෙන් කැපිය යුතුය. සියුම්ව ඉතාම කල්පනාකාරීව බාලදක්ෂ පිහිය හැසිරවීමෙන් මෙම කටයුත්ත නිවැරදිව කළ හැකිය. අවම වශයෙන් ලී කූරැ පනහක් මේ ආකාරයෙන් සකස් කළ පසු රෑපයේ දැක්වෙන පරිදි ඉදල නිර්මාණය කිරීමේ දෙවැනි පියවරට ගමන් කළ හැකිය.
එහිදී ඔබ කළ යුත්තේ අමු ලී කූරට නොපිටට හරවා දර මිටියක් සේ එකතු කර හොඳින් වෙළා ගැනීමයි. මෙම වෙළීම සඳහා සරල කඹ අග වෙළීම යොදා ගත යුතුය. එය කොහු ලණුවකින් වෙළීමෙන් විසිරී ඇති ලී කූරට වැඩි ශක්තිමත් බවක් එක් වෙයි. මෙසේ සකස් කළ ඉදල දින කිහිපයක් තද අව්වේ වියළා ගත යුතුය. එසේ කිරීමෙන් අමු ලී කූරැ වියළී ශක්තිමත් වෙයි.
සරල කඹ අග වෙළීම
ලී ඉරටු සකස් කර ගැනීමට සුදුසු අමු අතු කැබැල්ලක් හමු නොවුණ විටක රෑපයේ දැක්වෙන ආකාරයට විකල්ප ඉදලක් තනා ගත හැකිය. ඔබ කළ යුත්තේ රෑපයේ දැක්වෙන පරිදි කැඩුණු ඉදලක මිටක් හෝ කොහු මිටක් සොයා ගැනීම පමණි.
අඩි දෙකක් පමණ දිග උණ බම්බුවකින් පළාගත් සිහින් උණ කූරැ මිටියක් හෝ පොල් අත්තකින් ගලවා ගත් පොල් කොළ ඉවත් කළ ඉරටු මිටියක් A – B අක්ෂර දැක්වෙන ස්ථානයට තබා වෙළුමක් යෙදීමෙන් විකල්ප ඉදලක් කෙටි වේලාවක දී සකසා ගත හැකිය.
මෙවැනි ක්‍රම ඉන්දියාව, දකුණු ඇමරිකාව ආදී රටවල බාලදක්ෂයෝ නිරතුරැව ඔවුන්ගේ එළිමහන් කඳවුරැ තුළ ප්‍රයෝගිකව අත්හදා බලති. ශ්‍රී ලාංකික බාලදක්ෂයින් වන ඔබටද එවැන්නක් අත්හදා බැලීමට පුළුවන.
Reply To:
Name - Reply Comment
0 Comments