කඳවුරේ ගුමු ගුමුව නිහඬ කළ බ්යුගල් නාදය
- 2018-09-28 11:31:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
53 වැනි කොළඹ බාලදක්ෂ දිසා කඳවුරේදී කොළඹ ගුවන් බාලදක්ෂ කණ්ඩායම වෙත කාගේත් අවධානය යොමු විය. එයට හේතු කිහිපයක්ම තිබුණි. කඳවුරැ භුමියේ කඳවුරැ දොරටුව, කඳවුරැ භුමි නිර්මාණය සහ දෛනික කඳවුරැ වැඩසටහන ඒ අතරින් කැපී පෙනුණි. දෛනික කඳවුරැ වැඩ සටහනට නව අංගයක් එක් වී තිබුණි. එය විජය බාලදක්ෂ කඳවුරේ අවධානයට ලක්විය. බාලදක්ෂ ආචාර්ය වෛද්‍ය රජීව් පාගොඩ මහතා ඒ ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.
කුඩා කාලයේ සිටම බාලදක්ෂයින් වන අප කැමැතියි බාලදක්ෂ ව්‍යාපාරයට කළ හැකි දේ එකතු කරන්නට. මා SCOUTING සඟරාවේ හයවැනි කලාපයේ තිබුණු අපූරැ ලිපියක් කියෙව්වා. ඒ ලිපියේ තිබුණේ බියුගල් නාදය ගැනයි. ඒ මොහොතේ සිතේ උපන් ආශාව මෙවර කැම්පෝරියේදී අත්හදා බැලුවා. සැබැවින්ම එය සාර්ථකයි. මුළු කඳවුරේම බාලදක්ෂයින්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වුණා. උදෑසන අවදි වීම, රාත්‍රී නින්දට යාම, රැළි භුමියට පිටත් වීම, විශේෂ භෝජන සංග්‍රහ හා ආරාධිත අමුත්තන් පිළිගැනීම පවා සිදු කළේ බියුගල් නාදයේ කාහල නාදයට අනුවයි.
බ්යුගල් නාදයේ ඉතිහාසය
මෙය ක්‍රි.ව. 4 වැනි සියවස දක්වා ඈතට දිවයයි. රෝම අධිරාජ්‍ය සමයේ බියුගලයට සමාන නළා විශේෂයක් රණකාමීන් භාවිත කර ඇත. බියුගලයේ හඬට සතුන් ආකර්ෂණය වීමේ ඇති ප්‍රවණතාව නිසාම, සතුන් දඩයම් කිරීමට එය යොදා ගෙන ඇත. කෙටි පණිවිඩ හුවමාරැ කිරීමේ සංඥා ක්‍රමයක් ලෙසද බියුගලය භාවිත විය. ත්‍රිවිධ හමුදා පවත්වා ගෙන යන සෑම රටකම අදටත් බියුගල් ප්‍රයෝජනයට ගනු ලබන අතර ඒ සඳහා පුහුණු කළ බියුගල් නළා කරැවන්ද සේවයට අනුයුක්ත කර ඇත. එමෙන්ම බියුගලය බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ වකවානුවේ සිට බලාදක්ෂයින් අතර ඉතාම ජනප්‍රිය වු සංඥා උපකරණයක් විය.
බාලදක්ෂයා සහ බියුගලය
ආදිකර්තෘ බේඩ්න් පවෙල් සාමිතුමන් විසින් රචිත බාලදක්ෂ විද්‍යාව කෘතියෙහි කඳවුරැ කතාන්දර තුළ භාවිත නළා සංඥා ගැන සඳහන් වෙයි. නිකුත් වන හඬ විශාල ප්‍රදේශයකට විහිදී යන බැවින් ඈත සිටින බාලදක්ෂයාට අදාළ පණිවිඩය සන්නිවේදනය වෙයි. එබැවින් ඕනෑම දැවන්ත බලාදක්ෂ කඳවුරකදී වුවද බාලදක්ෂ බියුගල් නළා කරුවකු හෝ කිහිප දෙනෙකු හෝ සේවයෙහි යෙදවිය හැකිය. එය මුළු බලාදක්ෂ කඳවුරටම ආලෝකයක් වනු ඇත.
බ්යුගල් නළා සංඥාවක් යනු
බාලදක්ෂ කඳවුරක යුද පෙරමුණක, යුද නැවක හෝ හමුදා පරිශ්‍රයක දෛනිකව ඉටු කෙරෙන සාමාන්‍ය ක්‍රියාකාරකම් සහ අනෙකුත් ක්‍රියාකාරකම් සියලු නිලයන් වෙත මතක් කරන සන්නිවේදන ක්‍රමයය. එය නළා සංඥාවකි. ඒ සඳහා බියුගල් නළාවේ හඬ සහ විවිධ වු ප්‍රස්තාර සටහන් ප්‍රයෝජනයට ගනියි.
බ්යුගල් පණිවිඩය හඳුනා ගනිමු
නිතර ප්‍රයෝජනයට ගනු ලබන බියුගල් පණිවිඩ කිහිපයක් ඇත. ඒවා මෙහි දක්වා ඇත. හොඳින් ශ්‍රවණය කිරීමෙන් පණිවිඩය හඳුනාගත හැකිය.
භාවිත බ්යුගල් පණිවිඩ
කඳවුරක බාලදක්ෂයින් උදෑසන 5ට අවදි වීම. එය Reveille නම් වෙයි.
හිරැ බැස යාමත් සමග සවස 6ට කඳවුරැ කොඩි ගසේ බාලදක්ෂ ධජය පහත හෙලීම වෙනුවෙන් වාදනය වන පසුබැසීමේ බියුගල් හඬ. එය Retreat යනුවෙන් හඳුන්වයි.
උදේ, දවල්, රාත්‍රී ආහාර වේල් තුන සඳහා වෙන වෙනම වාදනය වන බියුගල් නළා සංඥා ඇත.
රාත්‍රී 10ට බාලදක්ෂයින් නින්දට යා යුතු බව අඟවන පහන් නිවනු බියුගල් නළා සංඥාව
අවමංගල්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කරන සමුගැනීම හෙවත් Last Post බියුගල් සංඥාව.
බ්යුගලය හඳුනාගනිමු
වත්මන් බියුගල් නාද රටා බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු රේජිමේන්තුවේ සංඥා අනුසාරයෙන් සැකසී ඇත. ඒවා වාදනය කරන්නේ ඕවලාකාර හැඩයෙන් යුත් තඹ හෝ පිත්තල නළයකින් නිර්මාණය කරන ලද සුසර වාද්‍ය භාණ්ඩයකින්ය. ට්‍රම්පට් නළාවල මෙන් ඝර්පණය කිරීම සඳහා යතුරැ දක්නට නැත. ස්වයං පාලනයකින් යුක්තව බාලදක්ෂයාගේ මුඛයෙන් නිකුත් කෙරෙන සුළං ප්‍රවාහය හේතුවෙන් තාලයකට අනුව ශබ්දය නිකුත් කළ යුතු උපකරණයකි. මෙහි දැක්වෙන්නේ එවැනි බියුගල් නළාවක්ය.
ඔබත් පුහුණුවන්න
සංගීතයට ප්‍රිය බාලදක්ෂ ඔබටද මෙහි දැක්වෙන අවදිවීම පසු බැසීම හා ලාස්ට් පෝස්ට් වාදන ඉදිරිපත් කිරීමට පුහුණු විය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ බියුගල් නළාවක් සොයා ගැනීමත්, මෙහි දැක්වෙන ප්‍රස්තාර රටා හඳුනා ගනිමින් ඒවා වාදනය කිරීමට පෙර පුහුණු වීමත්... බාලදක්ෂ කඳවුරකදී නිල ඇඳුමින් සැරසී එය වාදනය කිරීමත් පමණි.
Reply To:
Name - Reply Comment
0 Comments