Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළිමහන් බාලදක්ෂ කඳවුරකට සහභාගි වූවිට ඔබ විඩාවට පත්වෙයි. එවැනි අවස්ථාවක ඔබට ප්‍රමාණවත් නින්දක් අත්‍යවශ්‍යයි. බාලදක්ෂ ඔබට එවැනි අවස්ථාවක කඳවුරේ කූඩාරම තුළදී විවේකීව සිටිය යුතු ප්‍රධාන ඉරියව් හතරක් ඇත. මෙහි දක්වා ඇති එම ඉරියව් හතර අවස්ථාවට උචිත වන අයුරින් අනුගමනය කළ යුතුය.


කොන්දේ කැක්කුමක්  ඇතිවූ විටක
අනවශ්‍ය ලෙස පඩිපේළි හෝ කඳු තරණය කළ විටක කොන්දේ රැදාව ඇති විය හැකිය. සිරැරට දරාගත නොහැකි බරක් එසවූ විටක දීද කොන්දේ කැක්කුම් හටගනී. එය සිරැරට හිතකර නොවන තත්ත්වයකි. 
වෛද්‍ය උපදෙස් ලබාගන්නා තෙක් කඳවුරැ කූඩාරම තුළ රෑපයේ දැක්වෙන අයුරින් විවේකය ගැනීමෙන් කොන්දේ කැක්කුම පහවී යනු ඇත. එහිදී මටසිලිටි සැහැල්ලු කොට්ටයක් ගෙල පිටුපසටත් එවැනිම කොට්ටයක් දණහිස යටිනුත් තබාගත යුතුය. කඳවුරැ මෙට්ටයක උඩුබැලි අතට හැකිතාක් කොන්ද සෘජුව තබා ගැනීමෙන් නිවැරදි ඉරියව්වට පිවිසිය යුතුය.

අධි රැධිර පීඩනයක දී
අධි රැධිර පීඩනයක් ඇතිවූ විටක දැනෙන විඩාව හඳුනාගත හැකි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එහෙත් වෛද්‍යවරයා හමුවන තෙක් ඔබට මෙහි දැක්වෙන ඉරියව්වෙන් මුනින් අතට දිගාවී විවේකය ගත හැකිය.
 ඒ අවස්ථාවේ දකුණු පාදයේ දණහිස L හැඩයටත් දෙඅත් වැලමිටෙන් L හැඩයටත් නමා තබාගත යුතුය. වම් කම්මුල කොට්ටයට තැබීමෙන් හුස්ම ගැනීම පහසු වෙයි. 

සයිනස් ප්‍රදාහ කැක්කුමක දී 
නාසයෙන් සොටු දියර ගලා යමින් නළල ආශ්‍රිත ප්‍රදේශය විශාල ලෙස පීඩාවට පත්වූ අවස්ථාවක මෙම ඉරියව්ව අනුගමනය කරමින් විවේක ගත යුතුය. 
එවිට උඩුබැලි අතට දිගාවී හිසට යටින් කොට්ට තුනක් තබාගත යුතුය. පහසු ඉරියව්වකින් කෙටි වේලාවක් ගත කිරීමෙන් නාසයේ බර ගතිය අඩුවී විවේකීව සුවපහසු නින්දක් ලබාගත හැකිවනු ඇත.

උරහිස් වේදනාවක දී
එළිමහන් කඳවුරක දී වෙහෙසට පත්වූ ඔබගේ උරහිස් වේදනාවක් ඇති වූ විටක මෙම ඉරියව්වෙන් කඳවුරැ කූඩාරමේ විවේකය ලබාගත යුතුය.
සිරැර පැත්තකට හරවා කම්මුල කොට්ටයට ස්පර්ශ කළ යුතුය. දෑතහි අත්ල සහිත ප්‍රදේශය මුහුණ හෝ කම්මුල ආශ්‍රිතව ස්ථාන ගතකළ යුතුය. තරමක් වකුටු වී ඇති සිරැර අපහසුවකින් තොරව තබාගත යුතුය. කකුල් දෙක අතර කොට්ටයක් හිරකර ගනිමින් දෙපස දණහිසින් නමා තබාගත යුතුය. මෙම ඉරියව්වෙන් හෝරා කිහිපයක් විවේකීව සිටීමෙන් උරහිස් වේදනාව තුරන් වී යනු ඇත.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.