Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ කඳවුරක සිටින බාලදක්ෂයා උදේ සහ සවස් කාලවල දී කඳවුරැ භූමිය ශුද්ධ පවිත්‍ර කළ යුතුය. ඒ සඳහා ඉලපතක් හෝ ඉදලක් තිබිය යුතුය. මෙහි දැක්වෙන්නේ බාලදක්ෂයින් විසින්ම තමන්ගේ කඳවුරැ ඉදල නිර්මාණය කරගන්නා ආකාරයයි.
ඉරටු කූරැ මිටිය
දිග ඉරටු සහිත පොල් අතු තුනක ඉරටු මේ සඳහා යොදාගත යුතුය. මේරෑ පොල් අතු තුනක් රුගෙන ඒවායේ පොල් කොළ ඉවත් කිරීම ප්‍රථමයෙන් කළ යුතුය. ඉන්පසු තද අව්වේ හොඳින් වේළාගත් ඉරටු  මිටියක් සේ තබා එකට ගැටගසා ඉහිරී නොයන ලෙස බෙලෙක් පටි කැබැල්ලක් තබා ඇණයක් ගැසිය යුතුය.
මිට සකස් කරන්න
පාවිච්චි කර ඉවත දැමූ කොස්සක හෝ ඉදලක පැරණි මිට ගලවා එහි එක් පැත්තක් මැනවින් උල් කළ යුතුය. ඔබ කැමති නම් ඒ සඳහා කෝපි අත්තක් යොදා ගත හැකිය. මිටෙහි උල් සහිත පැත්ත ඉරටු මිටිය මැදින් රිංගවා එය නොගැලවෙන ලෙස අඟල් 2 ක ඇණයක් ගසන්න. 
මොනර පිල සාදන්න
එක මිටියකට ඇති ඉරට කූරෑ මොනර පිලක හැඩයට විහිදුවා එය ස්ථාවර කරගැනීමට පතුරැ දෙකක් දෙපසට තබා කෙටි වේලාවක් තිරිංගයක් යෙදිය යුතුය. ඉන්පසු තහඩු පටියකින් එම හැඩය ආරක්ෂා වන අයුරින් ඉදල වටා ගෙන යමින් යකඩ ඇණ කිහිපයකින් එකිනෙක තහඩු පටි යා කළ යුතුය. මෙහි දැක්වෙන්නේ ඒ අයුරින් නිර්මාණය කළ ඉදලකි.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.