කම්බි කඹයක ව්‍යුහය
- 2018-08-13 15:20:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Starnd core – කම්බි ලණුපටයේ මදය
Starnd – කම්බි ලණු පට
Wire – කම්බි කෙන්ද
Rope – කම්බි ලණුව
Rope Core - කම්බි කඹයේ මදය
කොහු කෙඳි කිහිපයක් එකතු කර මනාව අඹරා ගැනීමෙන් &කොහු ලණුවක්* සෑදෙයි. කොහු ලණු කිහිපයක් මැනවින් අඹරා වෙළා ගත් විට එය ලණුවක් ලෙස හඳුන්වයි. මහතින් වැඩි ලණු කඹයක් ලෙස ක්ෂේත්‍රයේ දී හඳුනාගත හැක. කම්බි කඹයක් ද ඒ ආකාරයෙන්ම කම්බි කෙඳි භාවිත කොට සාදා ගනියි. මෙහි දැක්වෙන්නේ කම්බි කඹයක ව්‍යුහයයි.
කම්බි කෙන්ද
කොහු ලණුවක තිබෙන කොහු කෙන්දක ප්‍රමාණයෙන් යුතු වානේ කම්බි කෙන්ද ශක්තිමත්ව නිෂ්පාදනය කෙරේ.
කම්බි ලණු පට
වානේ කම්බි කෙඳි 24 ක් හෝ 25 ක් එක මිටියකට තබා අඹරා ගෙන කම්බි ලණු පටක් සකස් කරගනී. එය කොහු ලණුවකට වඩා සිය ගුණයකින් ශක්තිමත්ය.
කම්බි කඹය
කම්බි ලණු පට හයක් එක්කොට යන්ත්‍රානුසාරයෙන් මනාව ඇඹරෑ විට කම්බි කඹයක් සෑදෙයි. එලෙස සාදා ගන්නා කම්බි කඹ සාමාන්‍ය කොහු කඹවලට වඩා දහස් ගුණයක් ශක්තිමත්ය. එමෙන්ම දිගු කාලයක් පවතී.

Reply To:
Name - Reply Comment
0 Comments