කම්බි කඹ පුඩු ප්‍රයෝජනයට ගැනීම
- 2018-08-13 15:36:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කම්බි කඹ පුඩු ප්‍රයෝජනයට ගැනීම
කම්බි කඹ ඇසුරින් සෑදූ ප්‍රධාන කම්බි පුඩු වර්ග ප්‍රයෝජනයට ගන්නා ආකාර 5කි. එය මෙහි දැක්වෙයි.
ද්විත්ව ඇස පුඩුව (eye and eye)
එකම කම්බි කඹයක දෙපස පුඩු දෙකක් සකස් කරගත් විට එය ද්විත්ව ඇස පුඩුව ලෙස හඳුන්වයි. යමක් දෑතින් මැනවින් ග්‍රහණය කර ගැනීමට මෙම ද්විත්ව ඇස පුඩුව ප්‍රයෝජනවත් වෙයි.
අවසන් නොවූ පුඩුව /
endless පුඩුව
පුරෝගාමීන් අතර ප්‍රචලිත මෙය &එන්ඩ් ලස් පුඩුව* ලෙස භාවිතයට ගනිති. මේ ආකාරයේ පුඩුවක ස්ථාවර බොලොක්කයක් පහසුවෙන් එල්ලා තැබිය හැකිය.
චොකර් පුඩුව
පුරෝගාමීහු මෙය Choker පුඩුව ලෙස හඳුන්වති. ද්විත්ව ඇස පුඩුව ආකාරයට ක්‍රියාත්මක වෙයි. එහෙත් එක් පසෙක පුඩුව වෙනුවට යකඩ කොක්කක් සවිකර ඇත. එම නිසා අවශ්‍යතාව මත පුඩුවේ විෂ්කම්භය වෙනස් කරගත හැක. චොකර් පුඩුවේ විශේෂත්වය එයයි.
යකඩ කොකු සහිත පුඩු
පළමුවෙන්ම ද්විත්ව ඇස සහිත කම්බි කඹ පුඩුවේ දෙපැත්තට යකඩ විලංගුවක් සවි කළ යුතුය. ඉන්පසුව පහළ විලංගුවට යකඩ කොක්කක් එල්ලා යකඩ කොකු සහිත පුඩුවක් සාදාගත හැකිය. උස ස්ථානයකට බරක් එසවීමට මෙය යොදා ගැනීමට පුළුවන. ප්‍රමාණයෙන් වැඩි බරක් ඔසවන විට මේ ආකාරයේ යකඩ කොකු සහිත පුඩු කිහිපයක් ප්‍රයෝජනයට ගත යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments