ගැට - බැමි නැති පාලම් හදමු
- 2018-03-12 15:36:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම අදහස බාලදක්ෂ ඔබට අලුත්. එමෙන්ම මෙවැනි පුරෝගාමී අදහසක් පිළිබඳව විජය බාලදක්ෂ කඳවුරේ විශේෂාංග ලිපියක් පළවන ප්‍රථම අවස්ථාවයි මේ.
මෙම පුරෝගාමී අභ්‍යාසය හඳුන්වන්නේ &අගුලු පාලම්* යනුවෙනි. අගුලු පාලමක් ඉතා ඉක්මනින් ඉදිකළ හැකිය. ඊට හේතුව කොහු ලණු හෝ තේඩා ලණු භාවිත කර ගැට නොයෙදීමයි. එයින් කාලය ඉතිරි වෙයි. මෙහිදී ලී දඬු එක්තරා රටාවකට එකක් මත එකක් තබයි. එසේ ලී දඬු ස්ථාන ගතකරන ආකාරය මෙම රෑප සටහන්වල පෙන්වා ඇත.
අගුලු පාලම් වර්ග දෙකකි
බාලදක්ෂයින්, ලීයෙන් පාලමක් ඉදිකිරීමට මෙම ක්‍රමය තෝරා ගන්නේ නම් ඒ සඳහා තාක්ෂණික ක්‍රම දෙකක් හඳුන්වා දී ඇත.
01.ඒකීය අගුලු පාලම.
02.ද්විත්ව අගුලු පාලම.
ඒකීය අගුලු පාලම
ඔබ ඉදිරියේ ඇති තරණය කළ යුතු බාධකයේ පළල අඩු නම් ඒ සඳහා තෝරා ගත යුත්තේ &ඒකීය අගුලු* පාලමයි. ඒ සඳහා පාලම් පාද දෙකක් සහ ශක්තිමත් ලී දඬු තුනක් ප්‍රමාණවත්ය. මෙහි දැක්වෙන රෑපයේ එම ලී දඬු ස්ථාන ගත කළ යුතු ආකාරය පෙන්වා ඇත. පාලම මතින් ගමන් කිරීමට බාලදක්ෂ ක්‍රමයට සැකසූ &ඒ දණ්ඩක්* යොදා ගත යුතුය.
ද්විත්ව අගුලු පාලම
තරණය කළ යුතු බාධකයේ පළල වැඩි නම් ඒ සඳහා වඩාත් සුදුසු &ද්විත්ව අගුලු පාලම* යි.ද්විත්ව අගුලු පාලම නිර්මාණය කිරීමට ශක්තිමත් පාලම් පාද දෙකක් සහ ශක්තිමත් ලී දඬු හතරක් අවශ්‍ය වෙයි. ඒ මත බාලදක්ෂ ක්‍රමයට ඒ දණ්ඩක් යෙදීමෙන් ද්විත්ව අගුලු පාලම ප්‍රයෝජනයට ගත හැකිය.
පාලම් පාදයක් සකසමු
අගුලු පාලම් නිර්මාණය කරන්නේ &පාලම් පාද* අනුසාරයෙන්ය. බාලදක්ෂයින්ගේ පුරෝගාමී අභ්‍යාස තල ඉගැන්වෙන තාක්ෂණික බවින් යුත් අපූරැ ලී දඬු නිර්මාණයක් ලෙස &පාලම් පාදය* හඳුන්වයි. බාලදක්ෂ කාණ්ඩයක් සතු බාලදක්ෂ යෂ්ටි හයක් එකතු කිරීමෙන් කෙටි වේලාවක දී පාලම් පාදයක් නිර්මාණය කළ හැකිය. එහෙත්, බාධක තරණයේ ස්වභාවය අනුව පාලම් ඉදිකිරීමට යොදා ගත යුතු ලී දඬුවල ශක්තිමත් භාවය ඔබගේ පුරෝගාමී දැනුම අනුව විමසා බැලිය යුතු වෙයි. එබැවින් ක්‍රියාකාරකමක දී එහි ස්වභාවය මත බාලදක්ෂ යෂ්ටිවලින් නිර්මාණය කරන පාලම් පාද වෙනුවට ශක්තිමත් ලී දඬු යොදාගත යුතුය. මෙහි දැක්වෙන්නේ එලෙස තෝරා ගත් ලී දඬු භාවිත කරමින් සකස් කළ පාලම් පාදයකි.
පාලම් පාදයේ ආකෘතිය
නිවැරදිව පාලම් පාදයක් සකස් කරගන්නා ආකාරය මෙහි දක්වා ඇත. ඔබ සතුව ඇති ලී දඬු මෙම ආකෘතියේ දැක්වෙන අයුරින් ස්ථානගත කොට එහි මැදට කතිර බැමම්ත්, ඉතිරි සියලු ස්ථානවල හතරුස් බැම්මත් යෙදිය යුතුය.
සැ : යු:
ඔබ සතු ශක්තිමත්ම ලී දණ්ඩ පාලම් පාදයේ ඉහළ හරස් ලීයට යෙදිය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments