ගිල් වෙල් සුහද හමුවට වසර සියයයි
- 2020-01-06 08:47:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාල දක්ෂ ආචාර්යවරැන් පුහුණු කිරීමේ ප්‍රථම පාඨමාලාව පැවැත්වුණේ 1919 වර්ෂයේදීය. එය ‘පළමු වන ලී පදක්කම් පාඨමාලාව යනුවෙන් නම් කරන ලදී‘.
සුප්‍රකට ගිල්වෙල් උද්‍යානයේ ප්‍රථම ලී පදක්කම පවත්වා වසර සීයක් ගත වීම සමරන අපූරැ වැඩසටහනක් පසුගිය දා එම උද්‍යානයේ දී පැවැත්විණ. එම සුහද හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බ්‍රිතාන්‍ය යේ කෙන්ට් ආදිපාද වරයායි. කෙන්ට් ආදිපාදවරයා ගිල්වෙල් ලොග් සටහන් පොතේ මෙසේ සටහන් කළේය.
සුන්දර ගිල් වෙල් උද්‍යානය සුවිශේෂී කැපී පෙනෙන සන්ධිස්ථානයකට පැමිණ ඇත. ගෙවුණු වසර සියයක් තිස්සේ බාලදක්ෂයින්ගේ ආධ්‍යාත්මික නිවහන වූයේ ගිල්වෙල් බාලදක්ෂ උද්‍යානයයි. එය වැඩිහිටි ස්වේච්ඡා සේවයට කැපවු මධ්‍යස්ථානයක්ය.
තරැණ හා වැඩිහිටි මිනිසුන් දහස් ගණනකගේ ජීවිත කුසලතාවන්ගෙන් පෝෂණය කළේය. ගිල් වෙල් උද්‍යානය මිහිපිට ඇති සුන්දරතම බාලදක්ෂ කදවුරැ භූමියයි. එම භූමිය, එහි පැමිණෙන මිනිසුන්ගේ චරිතය, මිත්‍රත්වය, සහෝදරත්වය යළි යළිත් ස්මරණය කරවන ස්ථානයක්ය.
ශ්‍රී ලංකික බාලදක්ෂ ආචාර්යවරැ
ගිල් වෙල් සැමරැමට මුලතිව් යති.
ගිල්වෙල් සුහද හමුව පැවැත්වීමේ නිල ජාතික අවසරය ලැබෙන්නේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් වරයා හටය. ඒ අනුව ඊට සුදුසු වටපිටාවක්, වත්මන් ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එස්.ඒ. අමරසිංහ මහතා සකස් කළේය.
ඒ සදහා සුදුසුම ස්ථානය මුලතිව් ආරක්ෂක හමුදා මුලස්ථානය බව තීරණය විය. ඒ අනුව ජාතික ගිල්වෙල් සුහද හමුව දෙසැම්බර් මස 13,14.15 යන දිනවලදී මුලතිව්හි පැවැත්විණ.
ඒ සදහා දිවයිනේ සිටින ලී පදක්කම් ධාරී බාලදක්ෂ ගුරැ භවතුන් සියලු දෙනාම සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments